ගෝඨාට එරෙහි පැමිණිල්ල:ෆෙඩරල් විනිසුරුවරයෙකු විවෘත කරයි !

ගෝඨාට එරෙහි පැමිණිල්ල:ෆෙඩරල් විනිසුරුවරයෙකු විවෘත කරයි !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අප්‍රියෙල් 04 වැනි දා ගොනු කරන ලද පැමිණිල්ල අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දිස්ත්‍රික් අධිකරණයක ෆෙඩරල් විනිසුරුවකු විසින් පසුගිය 16 වනදා විවෘත කර ඇතැයි සෙන්ටර් ෆෝ ජස්ටිස් ඇන්ඩ් අකවුන්ටබිලිටි ( CJA) මධ්‍යස්ථානය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සහ රාජපක්ෂ පාලනය විවේචනය කළ මාධ්‍යවේදීන් ක්‍රමානුකූලව වධ හිංසාවට ලක් කිරීම යන චෝදනා යටතේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අමෙරිකාවේදී සිවිල් නඩු කටයුත්තක් ආරම්භ කර තිබේ.

එම නඩුව පවරනු ලැබුවේ ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය අහිම්සා වෙනුවෙන් සෙන්ටර් ෆෝ ජස්ටිස් ඇන්ඩ් අකවුන්ටබිලිටි ( CJA) මධ්‍යස්ථානය විසිනි. ඔවුන්ට අනුව නොතීසි භාර දීමෙන් පසු නඩුවේ අඩංගු චෝදනාවලට පිළිතුරු දීම සඳහා චූදිතයාට සති තුනක කාලයක් හිමි වේ.

නඩුවේ විධිමත් දැනුම්දීමක් චූදිතයා වෙත අප්‍රේල් 07 වෙනිදා පෞද්ගලිකව භාර දී ඇති බවත්, ඒ සඳහා පෞද්ගලික විමර්ශකයකුගේ සහාය ලැබුණු බවත් CJA මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එම නිවේදනයට අනුව අදාළ චෝදනාවලට සති තුනක් ඇතුළත ලබා දිය යුතු පිළිතුරු මගින් නඩුවේ ගොනු කර ඇති චෝදනා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට සහ නඩුව අස් කර ගැනීමට මෝසමක් ඉදිරිපත් කළ හැකි ය. එසේ පිළිතුරු ලබා නොදෙන්නේ නම් එම නඩුව ඔහුගේ සහභාගිත්වයෙන් තොරව ඉදිරියට යනු ඇති අතර එමගින් අධිකරණය විසින් ඔහුට විරුද්ධව ගොනු කළ නඩුවේ ශක්තිය සලකා බලනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න