ඩුබායිහිදී මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඩුබායි සිට මෙරටට පිටුවහල් කර තිබේ.
අද (18) අලුයම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුහු දිවයිනට ළඟා වූහ.
මෙම දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ප්‍රශ්ණ කරමින් සිටියි. පියල් පුෂ්ප කුමාර, මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් යන අය මෙසේ පිටුවහල් කර තිබේ.
මේ අතර තවදුරටත් ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ් විසින් ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අභියාචනය සම්බන්ධයෙන් තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ඩුබායි ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ අභියාචනය හරහා මධුෂ් ඉල්ලා ඇත්තේ තමන්ව ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසය.

