ලසන්ත ඝාතනයට යොදා ගත් ගිනි අවිය ගැන තොරතුරක් !

ලසන්ත ඝාතනයට යොදා ගත් ගිනි අවිය ගැන තොරතුරක් !

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ සහ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා අභිරහස් ලෙස ඝාතනය කිරීමට යොදා ගන්නා ලද විශේෂිත ගිනි අවිය මෙරටට ගෙන්වා ඇත්තේ ආයුධ ආනයන කිරීම හරහා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබේ.

මීට වසර 09කට පෙර එනම්, 2009 වසරේ ජනවාරි 08 වැනිදා අත්තිඩිය ප්‍රදේශයේදී ඝාතකයන් දෙදෙනෙකු විසින් උල් ආයුධයකින් ඇන ලසන්ත වික්‍රමතුංග මහතා අමානුෂික ලෙස ඝාතනයට ලක්කර තිබිණි.

ඒ මහතා සිය නිවසේ සිට එදින පෙරවරුවේ අත්තිඩියේ පිහිටි සන්ඩේ ලීඩර් පුවත්පත් කාර්යාලය වෙත සිය මෝටර් රථයෙන් යමින් සිටියදී යතුරුපැදියකින් ඔහු ලුහු බැඳ ගිය පුද්ගලයන් දෙදෙනෙක් අත්තිඩියේ පිහිටි ද්‍රවිඩ පාසලක් ආසන්නයේදී පාර හරස්කර මෝටර් රථය නවත්වා මෝටර් රථයේ රියැදුරු අසුන දෙසින් ගොස් එහි වීදුරුව පසාරු කරගෙන යන පරිදි එම ස්වයංක්‍රිය ආයුධයෙන් ප්‍රහාර‍යක් එල්ල කර ඒ මහතාට බරපතළ තුවාල සිදු කරමින් ඝාතනය කර තිබිණි.

 තියුණු උල් පහක් ස්වංක්‍රීයට ක්‍රියාත්මක වී:

එම සුවිශේෂී ගිනි අවිය ප්‍රහාරය එල්ල කරද්දී ස්වංක්‍රීයට ක්‍රියාත්මක වී එකවර තියුණු උල් පහක් ඉදිරියට විත් ප්‍රහාරය සිදු වෙයි.

මෙවැනි සුවිශේෂි ගිනි අවියක් මෙරට ත්‍රස්තවාදී කණ්ඩායම්වලට හෝ නොතිබු බවට ආරක්ෂක බුද්ධි අංශ මඟින් අනාවරණය කරගෙන තිබුණි.

ජාත්‍යන්තරයේ ඇතැම් දරුණු යුදකරුවන් අතට පමණක් පත්ව තිබූ එම ගිනි අවිය මීට පෙර මෙරට කිසිම ස්ථානයක පාවිච්චිකර ඇති බවට කිසිදු තොරතුරක් නොතිබිණි.

එබැවින් එම දරුණු ගිනි අවිය ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා ඝාතනය කිරීමේ භයානක සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහාම මෙරටට ගෙන එන ආයුධ අතර සඟවාගෙන ගෙනවිත් එම අපරාධ සිද්ධියෙන් පසු එම ආයුධය විනාශකර හෝ වළදමන්නට ‍ඇතැයි සැක කෙරේ.

(දිනමිණ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න