පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක් : කොළඹ සෝදිසි මෙහෙයුමක් !

පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක් : කොළඹ සෝදිසි මෙහෙයුමක් !

පාර්ලිමේන්තුවට පිවිසෙන අවසරපත් 6ක් සහ පිවිසුම් මාර්ගලයේ දළ සැලැස්මක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත්කර ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවට පිවිසෙන අවසරපත් 6 සමඟ මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ බලන්ගොඩ , කිරිමැටිතැන්න ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරිමේදී ය.

කැබ් රථයක් , ටැබ් පරිගණකයක්, ජංගම දුරකතන 03ක්, සිම් කාඩ්පත් 13ක්, ටී 56 ජීව උණ්ඩ 02ක්, ක්‍රෙඩිට් කාඩ් පත් කිහිපයක් ද අදාළ නිවස පරීක්ෂා කිරීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බලන්ගොඩ පොලීසිය ලද තොරතුරක් මත අදාල නිවස පරීක්ෂාවට ලක් කර ඇති අතර පොලිස් බාරයට ගැණුනු කැබ් රථය ද පුපුරණ ද්‍රව්‍ය ඇත්දැයි බැලීමට ටෝගා නමැති සුනඛයා ලවා පරීක්ෂාවට ලක්කර ඇති බවත් වාර්තා වෙයි.

කැබ් රථයේ හිමිකරු අම්පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ අවන්හලක සේවය කර ඇති අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (25) බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ විශේෂ සෝදිසි මෙහෙයුමක් !

මේ අතර කොළඹ නගරය තුළ මාර්ග බාධක යොදමින් සැකකටයුතු පුද්ගලයින් සහ සැකකටයුතු වාහන පරික්ෂා කරන බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

සෝදිසි මෙහෙයුම් හේතුවෙන් කොළඹ නගරයේ කිසිදු මාර්ගයක් වසා නොමැති බවද ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එසේම ආරක්ෂක අංශ මඟින් සිදු කරන ලබන සෝදිසි මෙහෙයුම් සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත් අනවශ්‍යය ලෙස කලබලයට පත් නොවන ලෙසත් ආරක්ෂක අංශ ජනතාවට දන්වා සිටියි.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න