ඉස්ලාම් අන්තවාදය පරාජය කරන්න: පාඨලීගෙන් යෝජනා 10 ක් !

ඉස්ලාම් අන්තවාදය පරාජය කරන්න: පාඨලීගෙන් යෝජනා 10 ක් !

ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීමට රජයට සහ ඉස්ලාම් සමාජයට විශේෂ යෝජනාවලියක් අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කර ඇත.

ජාතික තවුහිද් ජමාද් ව්‍යාපාරය හා අනුබද්ධ සංවිධාන තහනම් කර සාමාජිකයන් අත්අඩංගුවට ගන්න, නිකාබ් හා බුර්කාව පැළඳීම තහනම් කරන්න, ශරියා විශ්ව විද්‍යාල, මද්‍රාසා පාසල් සියල්ල රජයේ ප‍්‍රතිපත්තීන්ට අනූකූල නියාමනයකට යටත් කරන්න වැනි යෝජනා එහි ඇතුලත්ව ඇත.

ප්‍රසිද්ධ නිවේදනයක් හරහා අමාත්‍යවරයා මේ යෝජනා ඉදිරිපත් කරන අතර උමතු ඉස්ලාමීය මතවාදයන් ව්‍යාප්ත කරන පිරිස වහාම අතුගා දැමිය යුතු බවත් පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය ඉස්ලාමීය අන්තවාදී ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවත්, එය අයිසිස් ත‍්‍රස්තවාදයේ අංකුරයක් බවත්, ඒ පිළිබඳව ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සෘජූවම චෝදනා එල්ල වී ඇති බවත් ඇමති පාඨලී චම්පික රණවක පවසයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

ශ‍්‍රි ලංකාවේ 2012 ජනසංඛ්‍යා ලේඛන අනුව මුස්ලිම් ජාතිකයන් 1,967,523 ජීවත් වේ. ඉස්ලාම් ආගම අදහන පිිරිස ඊට58,000ක් වැඩිය. ඒ අනුව මෙරට මිලියන දෙකකට අධික ඉස්ලාම් භක්තිකයන් ජීවත්වේ. ඔවුන් සුන්නි හා ෂියා ලෙස කොටස් 2කට බෙදෙන අතර ඉන් 98%ක් වන බහුතරය සුන්නි වන අතර එයින් 96%ක් මූවර් වන අතර 2%ක් මැලේ ජාතිකයන්ය. සුන්නි ආගමික ප‍්‍රජාව පාලනය කරන්නේ ඕල් සිලොන් ජමියතුල්ලා උලමා සංවිධානයයි. එය පසුගිය වසර10 කාලය තුළ බිහි වූ සංවිධානයක් ලෙස හඳුනාගෙන තිබුණත් එම සංවිධානය සඳහන් කරන්නේ ඔවුන් දශක 5ක 6ක කාලයක සිට පැවත එන බවයි. සුන්නි ප‍්‍රජාව අයත් වන ප‍්‍රධාන නිකායවල් 6ක් පවතී. ඉන් ප‍්‍රධාන නිකාය වන්නේ තබ්ලික් ජමාද් කණ්ඩායමයි. තරීකා, ජමාති ඉස්ලාමීය වැනි තවත් කණ්ඩායම් පවතින අතර තමිල්නාඩු සම්භවයක් සහිත වහාබි සම්ප‍්‍රදාය අනුගමනය කරන කුඩාම කණ්ඩායම ලෙස තවුහිද් ජමාද් සැලකේ. මෑත කාලීනව නිර්මාණය වූ තවුහිද් ජමාද් කණ්ඩායම ආරම්භයත් සමඟින්ම යම් යම් ගැටුම් ඇතිවිණි. ඇතැම් ගැටුම් මිනිමැරීම් දක්වා පැතිර ගිය අතර එම ව්‍යාපාරය තවුහිද් ජමාද්, නැෂනල් තවුහිද් ජමාද්, ශ‍්‍රි ලංකා තවුහිද් ජමාද් සහ ඕල් සිලොන් තවුහිද් ජමාද් ලෙස කණ්ඩායම් කිහිපයක් නියෝජනය කරයි.

තවුහිද් ජමාද් - බොදුබලේ ගැටුම් !

එයින් ශ‍්‍රි ලංකා තවුහිද් ජමාද් පසුගිය කාලයේ වැඩි ප‍්‍රසිද්ධියකට පත්වුයේ බොදු බල සේනා සංවිධානය සමග ඇති කරගත් ගැටුම් සමඟයි. කෙසේ වෙතත් එම සංවිධානයේ පිරිසක් බෙදී යාමත් සම`ග එක් කණ්ඩායමක් 2013/14 කාලයේ අල්බග්ඩාගේ නායකත්වයෙන් කලිපාතයක් සිරියාවේ හා ඉරාකයේ ප‍්‍රකාශයට පත් කරන ලදී. ශ‍්‍රි ලංකාවේ මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබු එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලද නිලාම් නැමැත්තෙකු සිය පවුල සහ පවුලට අයත්45 දෙනෙකු සම`ගින් සිරියාවේ ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් සම`ග සෘජුවම සම්බන්ධ වී ඇත. ත‍්‍රස්ත මෙහෙයුම් ස`දහා පුහුණුව මෙම පිරිසම ලබා ඇති අතර, සිරියා ත‍්‍රස්ත ගැටුමක ප‍්‍රහාරයකින් නිලාම් ජිවිතක්ෂයට පත්ව ඇත.

අයිසිස් සංවිධානයට මේ වනවිට නිශ්චිත බිමක් නැහැ. කිසිඳු බලකොටුවක් නැහැ. එහෙත් අයිසිස් සංවිධානය සහ ජාතික තවුහිද් ජමාද් සංවිධානය සම`ග පසුගිය කාලයේ යම් ගණුදෙනුවක් සිදුවී තිබේ. ජාතික තවුහිද් ජමාද් ව්‍යාපාරයේ සහරාන් නැමැත්තාගේ සොහොයුරිය පසුගිය 24 වනදා දිනයේ විදෙස් සහ දේශීය ඉංග‍්‍රීසි මාධ්‍යවේදින් හමුවේ ප‍්‍රකාශ කර සිටියේ ‘‘මේ ලෝකය මවලා තියෙන්නේ මුස්ලිම්වරුන්ට. ඒ කියන්නේ එක්කෝ අනිත් අය මුස්ලිම් විය යුතුයි. නැතිනම් ඔවුන් විනාශ විය යුතුයි යන්න තම සොහොයුරා ප‍්‍රකාශ කර ඇති බවයි.’’ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ මුස්ලිම් කියවීම ඉතා බරපතල මුස්ලිම් කියවීමක් බවයි.

මටම ලැජ්ජයි !

2011 වසරේ සිට මේ තොරතුරු විටින් විට වාර්තා වී තිබිය දීත් 2018 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින මාවනැල්ලේ බුදුපිළිම සහ දේව ප‍්‍රතිමා විනාශ කරද්දීත් ඒ ආශි‍්‍රතව සිදුකළ පරික්ෂණ වලින් පුත්තලම ආරුවක්කාලූ ආසන්නයේ අක්කර70කට ආසන්න බිමක පුපුරන ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 150ක් හසුවූ තත්ත්වයකදීත් මේ සිදුවූ වැරුද්දෙන් කිසිවෙකුටත් තවදුරටත් ආරක්ෂා විය නොහැකි බව ඇමති චම්පික පවසයි. රජයේ අමාත්‍යවරයෙකු වශයෙන් තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින ඇමති චම්පික රණවක, තමන් ඒ පිළිබඳව අතිශය ලැජ්ජා වන බව ද ප‍්‍රකාශ කර සිටියේය.

තවදුරටත් මෙවැනි වැරදි සිදුවෙන්නට බැහැ. රජය විසින් වහාම සිදුකළ යුතු කාර්යභාරයන් රැුසක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ අනුව පළමුව රජය කළ යුත්තේ නැවත තවත් විනාශකාරී තත්ත්වයන් ඇතිවන්නට ප‍්‍රථම මෙම කණ්ඩායම නිෂ්ක‍්‍රිය කළ යුතුයි. විනාශ කළ යුතුයි. පොඩි දෙයටත් උද්ඝෝෂණ, හර්තාල් සිදුකරන රටක, මියන්මාර රොහින්යා සරණාගතයින් වෙනුවෙනුත් හර්තාල් උද්ඝෝෂණ කරපු රටක් මේ දිහා ඉතා සාමකාමීව නිහ`ඩව මේ වනතෙක් බලාසිටියා. හැබැයි රජය තවදුරටත් මේ ස`දහා පිළියම් නොකළහොත් මහජනතාව රජයක් නැහැයි කියන තැනක සිට නීතිය අතට ගෙන කටයුතු කිරිමේ අවධානමක් තිබේ. ඒ නිසා වහාම මේ සුළු පිරිස මර්දනය කළ යුතුම බව ඇමති චම්පික රණවක පවසයි. උමතු මතවාදයන් බෙදාහරින පුද්ගලයන් පිරිසක් ගුරුවරු හෝ දේශකයන් ලෙස මේ රට ඇතුලේ රැඳී සිටිනවා.. මේ ගුරුවරු, සංවිධායකයෝ, අත් උදව්කරුවෝ දැනට සිටින්නේ 100ක් 200ක් පමණ පිරිසක්. ඔවුන් වහාම අතුගා දැමිය යුතුයි.

මුස්ලීම් නායකයන් අන්තවාදීන් ගැන දැන්වුවා !

ඇතැම් මුස්ලිම් නායකයෝ මේ ව්‍යසනය ගැන මීට පෙර ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බව වාර්තා වෙනවා. ඒක හො`ද තත්ත්වයක් හැබැයි තවත් මුස්ලිම් නායකයෝ පිරිසක් මෙහෙම දෙයක් පිළිගන්න සුදානම් නැහැ. වහාම ඒ තත්ත්වයෙන් මිදී රටේ ආරක්ෂක අංශවලටත් වඩා සක‍්‍රියව ඉදිරියට ආ යුත්තේ ඉස්ලාමීය ආගමික නායකයන් හා ඉස්ලාම් භක්තිකයන් බව ඇමති චම්පික අවධාරණය කර සිටී. මේ තත්ත්වයන් සම්බන්ධ සුළු හෝ තොරතුරක් වනවා නම් ඒවා වහාම ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙසත් දැනට තවුහිද් ජමාද් ව්‍යාපාරය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන අනු ශාඛා 47 සහ එහි ක‍්‍රියාකාරකම් පිළිබ`දව තොරතුරු අනාවරණය කරන ලෙසත් ඉස්ලාමීය ප‍්‍රජාවගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටි. ජමියතුල්ලා උලමා මෙන්ම ශූරා කවුන්සිලයට ද මේ වගකීමෙන් බැහැරව කටයුතු කළ නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මීට වසර 20කට පෙර සිටිය මුස්ලිම් ප‍්‍රජාව මෙන්ම ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් දැන් සිටින මුස්ලිම් ප‍්‍රජාවගේ දැකිය නොහැකි බවත් රටට අවශ්‍ය, ශ‍්‍රි ලාංකේය අපට අවශ්‍ය, අපිත් එක්ක එකට ආහාර ගන්න ඇස් දෙක දිහා බලාගෙන විවෘතව කතා කළ හැකි මුස්ලිම් ජන සමාජයක්. ඒ ස`දහා වත්මන් අන්තගාමී මුස්ලිම් ප‍්‍රජාව නිර්රැුඩිකල් කිරිමේ ඉස්ලාමීය ක‍්‍රමවේදයක් රටේ ඇති කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ සියළු කාර්යයන් ඉස්ලාමීය ජන සමාජය තුළින් ඉටු විය යුතු අතර ඊට සමගාමීව පහත දක්වා ඇති යෝජනා ඉස්ලාමීය ප‍්‍රජාවගේ සහ රජයේ මැදිහත්වීමෙන් වහාම ක‍්‍රියාත්මක කළ යුතු බව ඇමති චම්පික රණවක පෙන්වා දෙයි.

පාඨලීගේ යෝජනා 10 ය !

01. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීතිය ක‍්‍රියාත්මක වන මොහොතක මෙම ප‍්‍රහාරයේ වගකීම දරන ජාතික තවුහිද් ජමාද් සංවිධානය සහ ඊට වක‍්‍රව හා සෘජුව අනුබද්ධ යම් සංවිධානයක් වේ නම් ඒවා තහනම් කළ යුතුයි. එහි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමත්, ඔවුන්ගේ ව්‍යාපාර සහ සියළු වත්කම් රාජසන්තක කිරීමත්, වෛරී ප‍්‍රකාශ කරන සියළු දෙනා තරාතිරම හෝ දේශපාලනය නොබලා අත්අඩංගුවට ගැනීමත් සිදුකළ යුතුය.

02. රටේ ජාතික ආරක්ෂාවටත් සමාජ ආගමික සංහිදියාවටත් මුස්ලිම් කාන්තාවන්ගේ නිකාබ් හා බුර්කා පැළදීම තහනම් කළ යුතුය.

03. මද්‍රාසා පාසල් වල ඉගැන්වීම ස`දහා හෝ අරාබි භාෂා ප‍්‍රවර්ධනය ස`දහා හෝ ඉස්ලාමීය දේශනා ස`දහා මෙරටට විදේශිය ඉස්ලාමීය ගුරුවරු පැමිණ සිටිනවා නම් වහාම ඔවුන් රටින් පිටුවහල් කළ යුතුයි.

04. ස්වේච්ඡා සංවිධාන මෙන්ම ඉස්ලාමීය ව්‍යාපාර සැක කටයුතු අන්දමින් රට තුළ පවත්වාගෙන යන්නේ නම් ඒවා සම්බන්ධ විධිමත් අධ්‍යයනයක් හා පියවර මෙන්ම ඒ ස`දහා විදෙස් රටවලින් යම් ප‍්‍රතිපාදනයක් ලැබෙන්නේ නම් ඒවා නියාමනය හා අධික්ෂණය විධිමත් කිරීම ස`දහා යාන්ත‍්‍රණයක් සැකසිය යුතුය.

05. මඩකලපුව විශ්ව විද්‍යාලය හෙවත් කාත්තන්කුඩි ශරියා විශ්ව විද්‍යාලය මෙන්ම බේරුවල, මහරගම, ත‍්‍රිකුණාමලය සහ අඞ්ඩච්චාලනය ආශ‍්‍රිතව පවත්වාගෙන යන ඉස්ලාමීය අධ්‍යාපන මධ්‍යස්ථාන ශ‍්‍රි ලංකා රජයේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධික්ෂණයට සහ පාලනයට යටත් කළ යුතුයි.

06. වීසා නොමැතිව මෙරට රැු`දි සිටින මාලදිවයින, පකිස්ථානය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශයේ මෙන්ම සියළු ජාතිකයන් වහාම මෙරටින් පිටුවහල් කළ යුතුය.

07. මුස්ලිම් පල්ලි වල ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය සහ ස්ථානීය කටයුතු පිළිබ`ද පරික්ෂා කිරිමේ අවසරය රාජ්‍ය ආක්ෂක අංශ වලට විවෘත කළ යුතුය.

08. ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් සහිත ( විශේෂයෙන්ම මුස්ලිම් අන්ත ක‍්‍රියා සහ ත‍්‍රස්ත ක‍්‍රියා පවතින* රටවලින් ශ‍්‍රි ලංකාවට වීසා ඉල්ලූම් කරන අයවලූන් ස`දහා විශේෂ වීසා පටිපාටියක් අනුගමනය කළ යුතුය.

09. සියළු රාජ්‍ය බුද්ධි අංශ ශක්තිමත් කර එක් මෙහෙයුම් මධ්‍යස්ථානයකින් පාලනය වන ක‍්‍රමවේදයක් සහ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කළ යුතුය.

10. දේශපාලන භේදයකින් තොරව ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ විපක්ෂ නායක යන තිදෙනාම ආරක්ෂක කවුන්සිලයේ කටයුතු වලට සෘජුවම දායක විය යුතුය.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න