ත්‍රස්ත නායක සහරාන් ප්‍රහාරයේදී මියගිහින් !

ත්‍රස්ත නායක සහරාන් ප්‍රහාරයේදී මියගිහින් !

ජාතික තව්හිත් ජමා'අත් සංවිධානයේ (NTJ) නායකයා ලෙස සැලකෙන මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගොස් ඇතිබව ආරක්ෂක අංශ විසින් මේවනවිට තහවුරු කරගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

ඔහු එම මරාගෙන මැරෙන ප්‍රහාරවලින් මියගියේ ද යන්න විදෙස් මාධ්‍ය ආයතනවලට පවා ප්‍රශ්නාර්ථයක්ව තිබීම සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' කළ විමසීමකදී එම නිලධාරියා එබව සඳහන් කළේය.

එම නිලධාරියා සඳහන් කළ පරිදි, ආරක්ෂක අංශ විසින් මේවනවිට සියලු සැකකරුවන් හා ඔවුන්ගේ සංවිධාන ජාලය නිශ්චිත වශයෙන්ම හඳුනා ගෙන ඇත.

ප්‍රහාරයට සම්බන්ධ යයි තහවුරු කරගනු ලැබූ 34 දෙනෙකු මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර මරාගෙන මැරෙන කාඩර් වරුන් ලෙස සැකකෙරෙන තවත් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

මෙම කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වී ඇති අතර ඔවුන්ගේ ප්‍රධාන ආරක්‍ෂිත නිවස්නය (Safe House) ලෙස යොදාගෙන ඇත්තේ පානදුරේ නිවසකි.

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකළ සියලු පුද්ගලයින් ශ්‍රී ලාංකිකයින් බවට හඳුනාගෙන ඇති අතර ඉන් එක් අයකු සිරියාවේ දී පුහුණුව ලබා ඇත. මරාගෙන මැරුණු පුද්ගලයින් අතර නීතිඥයින්, ඉංජිනේරුවන්, පරිගණක විශේෂඥයින් ද සිටිති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න