හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමත් සමඟ යුද හමුදා නිලධාරීන් 5000ක් දිවයින පුරා මෙහෙයුම් සඳහා ස්ථානගත කර ඇති බව යුද හමුදා ආරංචිමාර්ග සඳහන් කරයි.
රටේ ආර්ථික මර්මස්ථාන ආරක්ෂා කිරීම මෙන්ම ත්‍රස්තවාදීන් සොයා සිදුකරන මෙහෙයුම් කටයුතු සඳහාද මෙම හමුදා ඛණ්ඩ අනියුක්ත කර ඇති බවත් දැනගන්නට ඇත.
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සමස්ථ රටම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය දෙස අපේක්ෂා සහගතව බලාසිටින බවත් ඒ අපේක්ෂාව ඉටුකිරීම වෙනුවෙන් මේ විටත් ක්‍රියාන්විත සූදානම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.
ආරක්ෂක අංශ ප්‍රධානීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් හමුදාපතිවරයා මේ බව සඳහන් කළ අතර ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට ත්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධව ගැටළුවක් නොවන බවද පැවසීය.
එසේම මේ වන විටත් ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදුවන සහ ඒ සඳහා තෝරාගත් ප්‍රදේශ 4ක් හඳුනාගෙන ඇති බවත් ඒ ප්‍රදේශ 4ට වෙන වෙනම බෙහෙත් දීමට ඇති බැවින් වෙන වෙනම ක්‍රියාන්විත දියත්කල යුතුව ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

