පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද විශේෂ ති‍්‍රපුද්ගල කොමිසමේ අතුරු වාර්තාව තමන් වෙත ලැබී ඇති බව ජනාධිපති සිරිසේන පවසයි.
නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර එම වාර්තාවේ ඇති නිර්දේශ අනුව ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සදහන් කර සිටියි.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය දැන ගන්නා විට තමන් සිටියේ සිංගප්පූරුවේ බවත් එය දැනගත් වහා තමන් ජනාධිපති ලේකම්වරයා අමතා වහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කර මේ පිළිබඳව දෙසතියක් තුළ වාර්තාවක් කැඳවන ලෙස දැනුම් දුන් බවත් සදහන් කරන ජනාධිපති සිරිසේන කමිටුව සඳහා පත් කළ යුතු නිලධාරින් තිදෙනා කවුදැයි තමන් විසින්ම පැවසූ බව ද සදහන් කර ඇත.
කෙසේ වෙතත් මේ ත‍්‍රස්තවාදය රටින් තුරන් කර දමන බවත් එහි දී කිසිදු විදේශීය රටක හමුදාවක් මේ රටට නොගෙන්වන බවට තමන් ජාතියට පොරොන්දු වන බවත් ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් කියා සිටියේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (01) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සමරුවේ දී ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් කළ කථාවේදීය.

