Language Switcher

V2025

අගමැති අත්අඩංගුවට ගන්න : ජාතික සංඝ සම්මේලනයෙන් පැමිණිල්ලක්

පාස්කු ඉරිදා ප්‍රහාරය දඩමීමා කරගෙන ‍යළිත් දේශපාලන කුමන්ත්‍රණයක් දියත් කිරීමේ පැහැදිලි සැකසංකා මතුව තිබේ.

ඊට ආසන්න සිදුවීම වන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සිය වගකීම පැහැර ඇති බව පවසමින් ඔහුට එරෙහිව ජාතික සංඝ සම්මේලනය විසින් අද (14) පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීමය.

ජාතික සංඝ සම්මේලනයේ පැමිණිල්ල !

පාස්කු දා ප‍්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැන සිටියත් ඒ පිළිබඳ ක‍්‍රියා නොකිරීම, ආණ්ඩුව පිළිබඳ තමන්ගේ වගකීම පැහැර හැරිම ආදී කරුණු රැසක් මුල්කර ගනිමින් මෙම පැමිණිල්ල ගොනු කළ බව ජාතික සංඝ සම්මේලනයේ සම සභාපති රජවත්තේ වප්ප හිමි පවසයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසද එම පැමිණිල්ල මගින් තවදුරටත් ඉල්ලා සිටියි.

පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් දැක්වූ රජවත්තේ වප්ප හිමි මෙසේ ද පවසා තිබේ.

‘‘ අගමැතිට එරෙහිව පොලිස් මූලස්ථානයට අපි පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පාස්කු ඉරිදා ප‍්‍රහාරයන් නිසා මේ වනවිට 250කට වඩා පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. ඒ වගේම 500කට අධික පිරිසක් තුවාල ලැබුවා.

දශක තුනක ත‍්‍රස්තවාදයක් නැති කරලා මේ රට තුළ සාමය, සමෘද්ධිය ඇතිවෙලා ජනතාව සාමයෙන් සතුටින් ජීවත් වන කාලයක මේ සා විශාල විනාශයක් වීමට ප‍්‍රධානතම හේතුව රටේ ආරක්ෂාවක් නොතිබීමයි. ඒ නිසා මේ රටේ ජාතික ආරක්ෂාව නැති කිරිම පිළිබඳ මූලිකව වගකිව යුත්තේ මේ රටේ අග‍්‍රාමාත්‍යවරයායි.

ඒ නිසා අග‍්‍රාමාත්‍යවරයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට ජාතික සංඝ සම්මේලනය විදියට අපි පැමිණිල්ලක් ඉදිරිපත් කළා’’

මෙම අවස්ථාව සඳහා ජාතික සංඝ සම්මේලනයේ මාධ්‍ය ලේකම් වත්තහේනේ විජිත හිමි ඇතුළු පිරිසක් එක්ව ඇත.

ජාතික සංඝ සම්මේලනය දේශපාලන කොන්ත්‍රාත්තුවක !

ජාතික සංඝ සම්මේලනය දැනුවත්ව දේශපාලන කොන්ත්‍රාත්තුවක් සිදුකරන බව මේ පැමිණිල්ල හරහා ඔප්පු වෙයි.

ජාතික ආරක්ෂාව සම්බන්ධව කිසිදු වගකීමක් අග්‍රාමාත්‍යවරයාට නිල වශයෙන් නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යුද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීමේ අයිතිය ජනාධිපති සතුය. එසේම සේනාධිනායක මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය භාරව සිටින්නේද ජනාධිපති සිරිසේන ය. එපමණක් නොව 2018 ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයෙන් පසුව නීතිය හා සාමය අමාත්‍යාංශයද ජනාධිපති සිරිසේන පවරාගෙන ඇත.

අගමැතිව ආරක්ෂක කවුන්සලයට කැදවලා නෑ !

එසේම පසුගියදා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වන රුවන් විජයවර්ධන පාර්ලිමේන්තුවේ දී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ 2018 ඔක්තෝබර් 26 වනදායින් පසුව කිසිදු අවස්ථාවක අග්‍රාමාත්‍යවරයාට හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමන්ට ආරක්ෂක කවුන්සලය සදහා සහභාගී වීමට අවස්ථාව ලබාදී නොමැති බවය.

එසේම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍යවරුන් ඒ බව ඒකමතිකව තහවුරු කර ඇත.

ඒ අනුව පැහැදිලි වන්නේ අග්‍රාමාත්‍යවරයාට ජාතික ආරක්ෂාව තබා ඊට අදාල සිය වගකීම් ඉටුකිරීමට කිසිදු අවස්ථාවක් ලබාදීමට ජනාධිපති සිරිසේන කටයුතු කර නොමැති බවය.

යලිත් ඔක්තෝබර් 26 ක් ?

එවැනි පසුබිමක ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කර නොමැති බව කියා ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණිලි කිරීම පිටුපස පැහැදිලි දේශපාලන කුමන්ත්‍රණයක සේයා දක්වයි.

මේ සූදානම යළිත් වරක් පසුගිය ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය ආකාරයට රට අස්ථාවර කිරීමටද යන සැකය මෙහිදී ප්‍රතික්ෂේප කළ නොහැකිය. මන්ද එය දියත්වූයේද නාමල් කුමාර නැමැත්තකු පැවැත්වූ මාධ්‍ය හමු කිහිපයක් පදනම් කරගෙන නිසාය.