ඇදිරි නීතිය අවස්ථාවේ ප්‍රහාර එල්ලවූයේ කොහොමද ? සුමන්තිරන්

ඇදිරි නීතිය අවස්ථාවේ ප්‍රහාර එල්ලවූයේ කොහොමද ? සුමන්තිරන්

මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කරගෙන එල්ලවු ප්‍රහාර අතුරින් ඇතැම් ප්‍රහාර එල්ලවූයේ ඇදිරි නීතිය පනවා තිබූ අවස්ථා වලදී බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.

පසුගිය දින කිහිපයේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ද්‍රවිඩ ජාතික සන්ධානයේ ස්ථාවරත්වය පැහැදි කරමින් ඔහු මේ බව සදහන් කර තිබේ.

එසේම ආරක්ෂක අංශ ඒවා වැළැක්වීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවටත් මන්ත්‍රීවරයා චෝදනා කරයි.

මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයන් හෙළා දකින බවත් එයට සම්බන්ධවූවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශ වෙත පවසන බවත් වැඩිදුරටත් මන්ත්‍රීවරයා පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න