සජිත් මරණ දඩුවමට පක්ෂයි : ත්‍රස්තවාදීන්ට ඉල්ලයි !

සජිත් මරණ දඩුවමට පක්ෂයි : ත්‍රස්තවාදීන්ට ඉල්ලයි !

ත්‍රස්තවාදි හා අන්තවාදී ක්‍රියා සිදුකරන හෝ ඊට අනුබල දෙන ඕනෑම පුද්ගලයෙකුට ඔවුන්ගේ තරාතිරම නොබලා මරණීය දණ්ඩනය ලබා දිය යුතු බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ රුපියල් ලක්ෂ 1,000ක වියදමින් ඉදිකළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව මහජන පොළ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (16) දින සහභාගී වෙමිණි.

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය උපයෝගී කර ගනිමින් රට තුළ තවත් ඛේදවාචකයක් ඇති කර රට ගිනි තැබීමට දේශපාලන හස්ත රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ත්‍රස්තවාදි හා අන්තවාදී ක්‍රියා උපයෝගී කර ගනිමින් තම දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට ඔවුන් උත්සාහ කරන බව අමාත්‍යවරයා පැවසීය.

83 කළු ජූලිය සමඟ ද්‍රවිඩ ජනතාවගේ නිවාස, දේපළ, ව්‍යාපාරික ආයතන හා ජීවිත රැසක් විනාශ වූ අතර එම සිදුවීමෙන් අනතුරුව L.T.T.E. ත්‍රස්තවාදි සංවිධානයට නොසිතූ අයුරුන් පිරිස් එකතු වී එහි ශක්තිය වැඩි වූ බවත් සදහන් කළේය.

ඉකුත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රට තුළ කැරලි කෝලාහල ඇති කිරීම තුළින් ISIS ත්‍රස්තවාදීන්ට එලෙස ශක්තිය ලබා දෙනවාද කියා රටේ ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතු බවත්, මෙලෙස කැරලි කෝලාහල ඇතිවීම තුළින් තවත් කොපමණ පිරිසක් ISIS බඳවා ගැනීමේ පෝලිමට එක්වේවිද කියා තමන්ට සිතෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න