ඇමරිකානු වීසා ගැන : සරත්ගේ වෙසක් බොරුවත් මාට්ටු !

ඇමරිකානු වීසා ගැන : සරත්ගේ වෙසක් බොරුවත් මාට්ටු !

ශ්‍රී ලාංකිකයින්ට වීසා නොමැතිව දින 180ක් ඇමරිකාවේ ගත කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ඇමරිකානු රජය තීරණය කර ඇති බවත් ඒ ඇමරිකානු හමුදා කඳවුරක් පිහිටුවීම සඳහ ශ්‍රී ලංකාවේ රජය එකඟවීම නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර (පොහොට්ටුවේ ගෝඨා පාර්ශවය ) සිදුකළ ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යක් බව තහවුරු වෙයි.

ඔහු ඇමරිකානු කදවුරක් සම්බන්ධව මේ ප්‍රකාශය සිදුකර ඇත්තේ පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවේය.

එසේම මන්ත්‍රීවරයා මේ බව සදහන් කරන්නේ ලංකාව සහා ඇමරිකානු රජය සමග රහස් ගිවිසුමක් අත්සන් කර ඇතැයි මාධ්‍ය හරහ වාර්තාවෙමින් තිබු මොහොතකය.

කෙසේ වුවත් මෙරට ඇමරිකානු තානාපති කාර්‍යාලය නිල වශයෙන් ට්විටර් නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරන්නේ උක්ත ප්‍රකාශය පදනම් විරගිත බවය.

US Embassy Colombo

ඇමෙරිකානු 'වීසා රහිත වැඩ සටහනට' (Visa Waiver Program) ශ්‍රී ලංකාවත් ඇතුළත් කර ඇති බවට පැතිර යමින් තිබෙන කටකතාවල සත්‍යතාවක් නැතැයි කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

 වීසා රහිතව නිශ්චිත කාල සීමාවක් එක්සත් ජනපදයේ රැඳී සිටිය හැකි පුද්ගලයන් අයත් රටවල නාම ලේඛනය ඇතුළත් ප්‍රකාශනයක් ද ඇමෙරිකානු තානපති කාර්යාලීය නිවේදනයට ඈඳා ඇත.

ඒ අනුව 'වීසා රහිත ඇමෙරිකානු වැඩ සටහනට' (Visa Waiver Program- VWP) අයත් රටවල් සංඛ්‍යාව තිස් අටක් වන අතර එම ලැයිස්තුවට අයත් ආසියානු රාජ්‍ය සංඛ්‍යාව හතරක් පමණි.

ඒ බෲනායි , සිංගප්පූරු , තායිවානය, දකුණු කොරියාව ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න