ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාවක් !

ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාවක් !

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දී නිදහස් කිරීමට ජනාධිපති සිරිසේන තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි වසර හයක කාලයක් සඳහා සිරදඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටියි.

කෙසේවුවද ජනාධිපති සිරිසේන පසුගිය 18 වනදා වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී ඥානසාර හිමියන් පුද්ගලිකව මුණගැසුනු බවද ජනාධිපති ලේකම් කාර්‍යාල ආරංචි මාර්ග සදහන් කරයි .

පුද්ගලික මට්ටමින් පැවති එම හමුව සඳහා ජනාධිපතිවරයා සමඟ ආණ්ඩුකාරවරයෙක්, මන්ත්‍රීවරයෙක්, මාධ්‍යය අධ්‍යක්ෂවරයෙක් සහ තවත් එක් අයෙකත් සහභාගී වී තිබින.

පවතින අන්තවාදී ත‍්‍රස්තවාදය ගැන මෙන්ම එම සංවිධාන ගැන ඇති තොරතුරුද බොහෝමයක් ඥාණසාර හිමි විසින් ජනාධිපතිවරයාට එම හමුවේදී හෙලි කර ඇත.

තමනටද පසුගිය 21 වැනිදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර ඇති ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිට සාක්ෂි දීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඥාණසාර හිමියන් එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්කර ඇත. ජනාධිපතිවරයා ඊට එකඟතාවය පළ කර ඇති බවත් සඳහන්ය.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් වීමට ඩ ඇති බවත් එම ආරංචි මාර්ග තහවුරු කලේය.

අධිකරණයට අපහාස කළේ යැයි ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර හයක සිර දඬුවම් නියම කරන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න