රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාව : ශ්‍රිලනිපය තීන්දුව ගෙන අවසන් - අමරවීර

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාව : ශ්‍රිලනිපය තීන්දුව ගෙන අවසන් - අමරවීර

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් අරගෙන තිබෙන අතර ඒ අනුව තම පාර්ශවය විශ්වාසභංගයේ දී ඡන්දය ප්‍රකාශ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසයි.

ජන නායකයන්ගේ හද ගැස්ම පිළිබඳව අපට වැටහීමක් තිබෙන බවත් ජනතාවට ද්‍රෝහී වීමට තමන්ට පුළුවන් කමක් නැති බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.

හම්බන්තොට කටුවැව සාමෝදාගම ග්‍රාමීය විදුලි ව්‍යාපෘතිය අද (19) දින විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ මහින්ද අමරවීර මන්ත්‍රීවරයා මේ බව සදහන් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද සදහන් කර ඇත.

"පාස්කු දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මේ රටේ මහානායක හිමිවරුන් කාදිනල්තුමා යම් යම් අදහස් පළ කළා. ඒ අදහස්ද සැලකිල්ලට අරගෙන අපේ පක්ෂය විශ්වාසභංග යෝජනාව පිළිබදව තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ තීන්දුව කුමක්ද කියා ඉදිරියේදී මේ රටේ ජනතාවට දැන ගන්න පුළුවන්.

එමෙන්ම ආණ්ඩුව ගෙන ඒමට තැත් කරන ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කරන්න අපි කටයුතු කරනවා. කිරිඇල්ල ඇමතිවරයාට වුවමනා විධියට බටහිරින් එන ඕනෑම දෙයක් පිළිගන්නට අප සූදානම් නෑ. රටේ ස්වාධීනත්වයට හානි කරන කිසිම ගිවිසුමකට අප එකඟවෙන්නේ නෑ. කිරිඇල්ල ඇමැතිවරයා ප්‍රමුඛ සමහරුන්ට බටහිරින් එන ඕනම දෙයක් හොඳ වුණාට අපිට එහෙම කටයුතු කරන්න බෑ"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න