හේමසිරි සහ ජූජිත් ට එරෙහිව CID පරීක්ෂණ ඇරඹේ !

හේමසිරි සහ ජූජිත් ට එරෙහිව CID පරීක්ෂණ ඇරඹේ !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මකවීමට අසමත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

වාර්තා වන ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ජේ.ටී.ඩී. ජයසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මගින් මෙම පරීක්ෂණය පවත්වනු ලබයි.

එසේම ඊට උපදෙස් ලබාදීම නීතිපති දප්පුලද ද ලිවේරා විසින් සිදුකරන බවත් වාර්තා වෙයි.

පාස්කු ඉරිදා එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති සිරිසේන විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර එහි අතුරු වාර්තාව පසුගියදා ජනාධිපති සිරිසේන විසින් නීතිපති වෙත යොමුකර තිබුණි. වාර්තා වන ආකාරයට එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අදාල පරීක්ෂණය ආරම්භ කරන්නැයි උපදෙස් නිකුත්කර ඇත

කමිටු වාර්තාවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට එරෙහිව බරපතළ චෝදනා එල්ල කර ඇති බවත් වාර්තා වෙයි.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මේ පරීක්ෂණ කමිටු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන පද්මසිරි ජයමාන්න ගෙන් සමන්විත විය.

එම කමිටුව සති දෙකක් තුළ අතුරු වාර්තාව ඉදිරිපත් කළ අතර අවසන් වාර්තාව ලබාදීම සඳහා ලබන 31 වැනිදා දක්වා කල් ඉල්ලා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න