වෙසක් කූඩු බෙදපු ගම්මන්පිලගෙන් : පිවිතුරු හෙළ බොරුවක් !

වෙසක් කූඩු බෙදපු ගම්මන්පිලගෙන් : පිවිතුරු හෙළ බොරුවක් !

"ජනාධිපතිවරයෙකුට එරෙහිව ගෙන එනු ලබන දෝශාභියෝගයක දී අගමැතිවරයකුට එරෙහි විශ්වාසභංග දී පමණයි අප මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අත්සන විශ්වාසභංග යෝජනාවට එකතු කරන්නේ" යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල වෙසක් උත්සවය නිමිත්තෙන් සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර ඇත.

මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය අද (19) සිදුකර සිටියේ වෙසක් පහන් කූඩු බෙදා දීමේ වැඩසටහනකින් පසුව මාධ්‍ය නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ය.

මෙහිදී මාධ්‍ය විමසා සිටියේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ගෙනා විශ්වාසභංග යෝජනාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ගේ අත්සන නොමැති වීම ගැනය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අත්සන් තබන්නේ ජනාධිපතිට ගෙනෙන දෝෂාභියෝගයකට හෝ අගමැතිවරයකුට එරෙහි විශ්වාසභංග යෝජනාවකට පමණක් මහින්ද අත්සන් තබන බව පැවසූවද ඒ අමූලික අසත්‍යකි.

මහින්ද රාජපක්ෂ පසුගිය වසරේ එනම් 2018 මාර්තු මාසයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙනා විශ්වාසභංග යෝජනාවට ද සිය අත්සන යෙදුවේ නැත.

මහින්දගේ අත්සන ගැන ඩලස්ගේ බයිලා !

එදා ඒ සම්බන්ධව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ මහින්ද රාජපක්ෂගේ අත්සන සාමාන්‍ය මන්ත්‍රීවරයෙක්ට වඩා වැඩි බරක් තිබෙන, වටිනාකමක් තියෙන, අගයක් තියෙන අත්සනක් බවත් එය භාවිතා කිරීමට මෙය සුදුසු වෙලාව නොවන බවත්ය.

ජනතාව රවටන ප්‍රකාශ !

ඒ අනුව පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා කිසිදු ප්‍රතිපත්තියක් නොමැති අතර ඔහු සම්බන්ධව අදහස් දැක්වීමේදී එම පාර්ශවයටද ප්‍රතිපත්තියක් නොමැති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න