ගෝඨාගේ පාවාදීම සමතයකට පත්කිරීමට : මහින්දගෙන් මුක්කුවක් !

ගෝඨාගේ පාවාදීම සමතයකට පත්කිරීමට : මහින්දගෙන් මුක්කුවක් !

දස වසරකට පෙර යුද්ධය ජයග්‍රහණය කිරීමට ඇමරිකානු රිපබ්ලිකන් පක්‍ෂ පාලනය තමන්ට ගොඩක් උදව් කල බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

2006 දී යුරෝපා සංගමය ලවා කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කරගන්න අපට පුලුවන් වුණේ ඇමරිකාවේ උදවු නිසා බවත් 2007 කොටි සංවිධානයේ ආයුධ නැව් ඕස්ට්‍රේලියාවට හා ඉන්දුනීසියාවට සමීප ජාත්‍යන්තර මුහුදේදී අපට විනාශ කරන්න පුලුවන් වුණේ ඇමරිකාවෙන් දීපු නිශ්චිත තොරතුරක් නිසා බවත් ඔහු සදහන් කර ඇත.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ බව සදහන් කර සිටියේ 2009 මැයි 19 වෙනිදා එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීමේ දස වෙනි සංවත්සරය නිමිත්තෙන් පැවැත් වූ විශේෂ දේශනයකදීය.

ගෝඨා ඇමරිකානු නීතියට ලංකාව යටත් කළ ගිවිසුම කරලියේ !

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ දක්වන මේ අදහස් සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව පවා නොදැන රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාව සමග අත්සන් තබා ඇති ආරක්ෂක ගිවිසුම සම්බන්ධව රටේ මතුව ඇති අවධානය වෙනතක හැරවීම වෙනුවෙන් මේ ප්‍රකාශය සිදුකර ඇති බවය.

එසේම මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීමක් ගැන නිතර කියවන ගෝඨාභය රාජපක්ෂ ලංකා විදේශ ප්‍රතිපත්තිය අර්බුදයට යන සහ ගැලවීමක් නොමැති ගිවිසුමක් වෙත ඇද දමා ඇති බවත් ඒ සම්බන්ධව සමාජ වෙතින් සෘණ ආකල්ප මතුවීම පාලනය කිරීම විපක්ෂ නායකවරයා ගේ අපේක්ෂාව බවත් ඔවුන් පෙන්වා දෙයි.

ගෝඨාභයගේ දේශප්‍රේමය !

එසේම එම සමයේ ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසි භාවය ඇත්තෙකු බවත් දැන් ඔහු මෙරට ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පමණක් ශ්‍රී ලාංකික පුරවැසි භාවය ට සීමාව සිටින බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

එමෙන්ම දේශපාලන විචාරකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එදා මුලුමනින්ම ඇමරිකානු ගැති ප්‍රතිපත්තියක සිට මෙරට ව්‍යවස්ථාදායකයට පවා සගවා ගිවිසුම් අත්සන් කල ගෝඨාභය ඉදිරියේ දී ද එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරනු ඇති බවට දෙන සහතිකය කුමක්ද යන්න සැක සහිත බවය.

රාජපක්ෂ දේශපාලනයේ දෙබිඩි බව !

ඇමරිකාව සමග කටයුතු කිරීමේදී ගෝඨාභය රාජපක්ෂ ඒ සමග කුමක් කළත් එය නිවැරැදි හෝ දේශප්‍රේමි ලෙස හදුන්වාදෙනු ලබන රාජපක්ෂ පාර්ශවය අනෙක් කුමන පක්ෂයක් ඇමරිකාව සමග සාකච්ඡා කළත් එය මහා පාවාදීමක් ලෙස විග්‍රහ කිරීම ජනතාව මුලා කිරීමක් බවත් විචාරකයන් ගේ අදහස වී තිබේ.

දේශපාලන විචාරකයන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන්නේ රාජපක්ෂ කදවුරේ මේ දෙබඩි ප්‍රතිපත්තිය ජනතාව නොමග යැවීමට කරන සාවද්‍ය ප්‍රකාශ පමණක් බැවින් ඔවුන් ඒ ගැන හොද අවබෝධයක් ඇතිව කටයුතු කල යුතු බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න