වැලිකඩ ගිය ජනාධිපති සිරිසේන: ආර්.දුමින්ද සිල්වාවත් බලන්න ගිහින් !

වැලිකඩ ගිය ජනාධිපති සිරිසේන: ආර්.දුමින්ද සිල්වාවත් බලන්න ගිහින් !

සිරකරුවන් නිදහස් කිරීමේ උත්සවය නිමවත්ම බන්ධනාගාර රෝහල වෙත ගොස් ඇති ජනාධිපති සිරිසේන මරණ දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ මරණ දඬුවම් ලබා සිටින අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති නිව්ටන් යන අයද මුණගැසී ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

සිරකරුවන් නිදහස් කිරීමේ උත්සවය නිමවත්ම බන්ධනාගාර රෝහල වෙත ගොස් ඇති ජනාධිපතිවරයා එහිදී අංක 3 වාට්ටුවේ උපස්ථායක රාජකාරියේ යොදවා සිටින ඥාණසාර හිමියන් හමුවීමේ පුවත තුළ ලංකාදීප පුවත්පත මේ අනාවරණය සිදුකර ඇත.

එහිදී ජනාධිපති සිරිසේන විනාඩි 15ක් පමණ ඥාණසාර හිමියන් හමුවී සුවදුක් විචාරා ඇතැයිද එහිදී මුස්ලිම් අන්තවාදීන්ගේ සුළමුළ හා වත්මන් තත්ත්වය පිළිබඳව උන්වහන්සේ ජනාධිපතිවරයාට පැහැදිලි කර ඇතැයිද එම පුවතේ සදහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න