මධුමාධව නීතියට උඩින් යයි : දෙවරක් දැන්වූවත් පොලිසියට ගිහින් නෑ !

මධුමාධව නීතියට උඩින් යයි : දෙවරක් දැන්වූවත් පොලිසියට ගිහින් නෑ !

පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද පොලිසිය මගහැර කට්ටි පනිමින් සිටින බව වාර්තා වෙයි.

ඊට අනුව පාස්කු ප්‍රහාරයෙන් සති තුනකට ආසන්නයේ මෙරට ප්‍රදේශ කිහිපයක අහිංසක මුස්ලීම් වැසියන් ඉලක්ක කර මිලේච්ඡ ප්‍රචණ්ඩත්වයක් දියත්වූ අතර එම ප්‍රහාර සිදුවන විට මධුමාධව අරවින්ද ද එකී ස්ථානවල රැදී සිටින බවට වීඩියෝ සාක්ෂි ඇත.

මිනුවන්ගොඩ පොලිසිය විසින් පසුගිය 16 වනදා ප්‍රකාශයක් ගැනීමට මධුමාධව අරවින්ද කැදවා තිබුණේ ඒ අනූවය.

නමුත් ඔහු එදින පොලිසිය වෙත යාම මගහැර ඇති අතර අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සදහන් කර ඇත්තේ පොලිසිය තමාගෙන් ප්‍රකාශයක් නොගත් බවය.

කෙසේ වුවත් ඊයේ (19) දිනද මිනුවන්ගොඩ පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඔහුට දන්වා ඇති නමුත් ඊයේ දිනයේද ඔහු පොලිසිය වෙත පැමිණ නැත.

පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ යළිත් වරක් මේ සම්බන්ධව මධුමාධව අරවින්ද වෙත දැන්වීමට කටයුතු කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න