ඥානසාර හිමියන් සතියෙන් නිදහස් !

ඥානසාර හිමියන් සතියෙන් නිදහස් !
ඉදිරි දින කිහිපය තුළ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ   නිදහස් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිල නොවන නිවේදන නිකුත්කර ඇත.
ඒ ජනාධිපති මාධ්‍ය ඒකකයේ කාර්‍ය මණ්ඩල සාමාජිකයන් සිය සමාජ ජාල ගිනුම් වල මේ සම්බන්ධව දැනුම්දීම හරහා ය.
 
ඊට අනුව සතියක් තුළ ඥානසාර හිමියන් නිදහස් කිරීමට ජනාධිපති සිරිසේන තීරණය කර ඇත.
 
පසුගිය 18 වනදා  ජනාධිපති  සිරිසේන වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී ඥානසාර හිමියන් පුද්ගලිකව මුණගැසුනු බවද වාර්තා වෙයි.
පුද්ගලික මට්ටමින් පැවති එම හමුව සඳහා ජනාධිපතිවරයා සමඟ ආණ්ඩුකාරවරයෙක්, මන්ත්‍රීවරයෙක්, මාධ්‍යය අධ්‍යක්ෂවරයෙක් සහ තවත් එක් අයෙකත් සහභාගී වී තිබූ බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විට ඥානසාර හිමියන් වසර 6ක සිරදඬුවමක් නියමව බන්ධනාගාර ගතකර සිටියි.

මේ අතර බොදුබල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ දිලන්ත විතානගේ ද සදහන් කර සිටියේ තමන් ඥානසාර හිමියන් හමුවූ බවත්, උන්වහන්සේ නිවැරැදි බැවින් ඉදිරියේ දී නිදහස ලබනු ඇති බව අපේක්ෂා කරන බවය.

එසේම පසුගිය සමයේ ඥානසාර හිමියන් නීතිය හමුවේ බලවත් අසාධාරණයකට ලක්ව ඇති බව සදහන් කරමින් ජනාධිපති , අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්, මාධ්‍ය ඇතුළු 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න