ළමුන් පාසල් නොයවන්න බිය ඇතිකළේ ඒකාබද්ධ විපක්ෂය - විජේපාල

ළමුන් පාසල් නොයවන්න බිය ඇතිකළේ ඒකාබද්ධ විපක්ෂය - විජේපාල

පසුගිය කාලයේ අතන පුපුරනවා මෙතැන පුපුරනවා   හෙට ගහනවා අනිද්දා පාසැලට ගහනවා කියලා  නොයෙක් විදියේ බය කළේ සහරාන්ගේ කණ්ඩායම  නොව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම බව එක්සත් ජාතික පෙරමුණ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි  පවසයි.

මන්ත්‍රීවරයා මේ අදහස් පැවසුවේ   ගාල්ල උණවටුනේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා ,

“අපි දැක්කා මේ රටේ   මේ ව්‍යසනයත් එක්ක දරුවන් පාසැලට යන්න බය උනා. පසුගිය පාසැල් වාරය පටන් ගන්නකොට පොලීසිය හමුදාව සිවිල් ආරක්ෂක බලකාය  පාසැල් ආරක්ෂක කමිටු විදුහල්පති වරුන් හදලා  දරුවන් පාසැලට එන්න බය වෙන්න එපයි කියනකොට සමහර  විරුද්ධ පක්ෂයේ නායකයෝ මොර ගැහුවා  පාසැලට ගියහම දරුවට ආරක්ෂාවක් නෑ කියලා.

පැසැල් යන්න එපා කීවා 13 වැනිදා බෝම්බ පුපුරනවා කිව්වා. දරුවන් පාසැලට යන එක නතර කරලා දැම්මා.  ඊට පස්සේ අපි සියලු ආරක්ෂා සංවිධාන  එක්ක  දරුවන් පාසැලට එන ප්‍රවණත්වය වැඩි උනා.  ළමුන් ක්‍රමයෙන් වැඩි වෙන එක දැකපු  විරුද්ධවාදීන් මොනවද කියන්නේ 21 වැනිදා පාසැල් එන්නලු .

ලැජ්ජා නැති වැඩ. හැම එකම ඔහොම තමයි මෙයාලගේ.  යම් යම් කුමන්ත්‍රණ කරලා වැරදුනාට පස්සේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේ  කතාකරන්න ලෑස්ති වෙන්නේ. ඒ අයට ඉන්න තිබුනේ  එදානේ.‍

පාසැල් පටන් ගන්නකොටනේ බය නැති කරලා වීරයෝ වගේ ඇවිල්ලා  මම යුද්දේ නැති කරපු මිනිහා ළමයින් පාසැල් යවන එක මොන බයක්ද   මට  කියන්න තිබුනා .

මේ කුමන්ත්‍රණ නැති වෙනකොට  ආණ්ඩුව වට්ටන්න ගිහිල්ලා පැසැල් ටික වහන්න ගිහිල්ලා  කාර්යාල වහලා ප්‍රවාහනය  නැති කරලා මුළු රටම අකර්මන්‍ය බවට පත්කරලා  මේකේ වාසිය ගන්නේ ඒකාබද්ධ විපක්ෂය.

මේ  රටේ මළ මිනී උඩින්  බලයට පත්වෙන්න කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට කියනවා  කරුණාකරලා ඔය පුහු මත නැති කරලා එකට එකතු වෙලා  අපිත් එක්ක එක පවුලේ අය වගේ විපක්ෂයද ආණ්ඩු  පක්ෂයද කියන්නේ නැතිව  මේ රට ගොඩ නැගීමේ සටනෙදි ඔක්කොම එකට එකතු වෙලා මේ රටේ යහපාලනය  සහජීවනය ඇති කරලා  හැම කෙනෙකුටම තමන් කැමති  ආගමක් ධර්මයක්  අහන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරන්න කටයුතු කරන්න කියලා කියනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න