තඹ කම්හලේ සේවකයන් යළිත් අධිකරණය හමුවට !

තඹ කම්හලේ සේවකයන් යළිත් අධිකරණය හමුවට !

පාස්කු දා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු සැකපිට අත්අඩංගුවට ගෙන පසුව මුදා හළ වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කළ පුද්ගලයින් 7 දෙනකුට ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට අධිකරණ නියෝගයක් නිකුත්කර ඇත.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (22) මෙම නියෝගය නිකුත්කල අතර ඒ එම සිද්ධියට අදාළව සැකකරුවන් නැවත අධිකරණය හමුවට පමුණුවන ලෙස වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයෙන් මෝසමක් මගින් කරුණු දැක්වීමෙන් අනතුරුවය.

සිද්ධියට අදාළ 10 වැනි සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර එක් සැකකරුවකු ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාරගතකර සිටි. මෙම සිද්ධියේ සියලුම සැකකරුවන් ගණන 10 කි.

පාස්කු දා එල්ල වු බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය කෝටිපති ව්‍යාපාරිකයකු වු මොහොහොමඩ් ඉන්ෂාබ් නැමැත්තාට මෙම තඹ කම්හල අයත් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න