ජනාධිපතිවරණය පවත්වයිද ශුවර් නෑ - මහින්ද

ජනාධිපතිවරණය පවත්වයිද ශුවර් නෑ - මහින්ද

වත්මන් ආණ්ඩුව ජනපතිවරණය නොපැවැත්වීමට සූදානම් වන බවත් එසේ කටයුතු කළහොත් අධිකරණයට යෑමට සූදානම් බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පවසයි.

අද (22) බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“ත්‍රස්තවාදයක් රටේ තියෙන අවස්ථාවක බෝම්බ පිපිරෙනවා. නමුත් ඒ කාලේ මේ විදිහට රට අස්ථාවර වුණේ නෑ. එදා ත්‍රිවිධ හමුදාව ඇතුළු රටේ නායකත්වය ගැන ජනතාවට විශාල විශ්වාසයක් තිබුණා. මේ බෝම්බ පිපිරීමෙන් ඉතිහාසයේ කවදාවත් නොවූ බියක් ජනතාව තුළ ඇතිවුණා. අපි සියල්ලටම පෙර රටට මූලිකත්වය දිය යුතුයි. මේ නායකත්වය යටතේ තව කාලයක් රට පැවතුනහොත් අපිට ඉන්න රටක් ඉතුරු වෙයිද කියලා සැකයි.

මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව ගැන කිසිම අවධානයක් යොමු කළේ නෑ.

ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන එක ගැනනම් කිසිම විශ්වාසයක් නෑ. ඒ නිසා ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වෙයි කියලා අපිට විශ්වාසය තියන්න පුළුවන්. ජනාධිපතිවරණයත් පුළුවන්නම් නොතියා ඉන්නයි සූදානම. එවැනි තත්තවයක් ඇතිවුණොත් අපි අධිකරණයට යන්න සූදානම්. මැතිවරණයක් ළංවෙද්දී පසුගිය කාලයට වඩා වැඩියෙන් දේශපාලන පලිගැනීම් සිදු වෙන්න පුළුවන්.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න