Language Switcher

V2025

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ යකා නටයි !

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි බාධා කිරීම් සහ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (23) පෙරවරු 10:30 දක්වා කල් තැබීමට කතානායක කරූ ජයසූරිය කටයුතු කර ඇත.

ඒකාබද්ධ විපක්ෂය විසින් විරෝධතා පවත්වමින් පාර්ලිමේන්තු කටයුතු වලට බාධා කර තිබෙන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට අද (22) ම දිනයක් අවශ්‍ය බව සදහන් කරමින්ය.

නමුත් එහිදී කතානායක කරූ ජයසූරිය සදහන් කර ඇත්තේ පක්ෂ නායක රැස්වීමකින් පසුව අදාල දිනය හෙට (23) දන්වන බවය.

නමුත් ඒකාබද්ධ විපක්ෂය කතානායක තීරණය පිළිනොගෙන සභාවේ කටයුතු වලට බාධා කරමින් කටයුතු කර ඇත.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found