කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු විසින් කරන ලද සිසේරියන් සැත්කම් සහ නාරිවේද සැත්කම් වලින් තමන්ට කිසියම් ශාරීරික හානියක් සිදුවූයේ යැයි සැකකරන කාන්තාවන් සිටීනම් වහා පැමිණ ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර ඉල්ලීමක් කරයි.
මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන කාන්තාවන්ගෙන් ලබාගන්නා තොරතුරු අනුව අදාළ වෛද්‍යවරයා සම්බන්ධ පරීක්ෂණ ඉදිරියට ගෙනයන බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
සිංහල කාන්තාවන් පිරිසකට වඳ සැත්කම් කළේ යයි කුරුණෑගල රෝහලේ සේවය කරන ජ්‍යෙෂ්ඨ මුස්ලිම් වෛද්‍යවරයකුට එරෙහිව චෝදනාවක් එල්ලවී ඇතැයිද රෝහල් අධ්‍යක්ෂ පැවසීය.

