තඹ කම්හලේ සේවකයන් ත්‍රස්ත මර්දන කොට්ඨාශයට !

තඹ කම්හලේ සේවකයන් ත්‍රස්ත මර්දන කොට්ඨාශයට !

ඇප මත මුදා හරිනු ලැබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 8 දෙනා සම්බන්ධ විමර්ශන පොලිස් ත්‍රස්ත මර්දන කොට්ඨාශයට භාරදී ඇති බව වාර්තා වෙයි.

ආරක්ෂක අංශ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මොවුන් සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි.

එසේම අදාළ පිරිසට හෙට (27) දිනයේ යළි අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා මේ වනවිට නොතීසි නිකුත් කර අවසන් ය.

ඒ, වැල්ලම්පිටිය පොලීසිය මෝසමක් ඉදිරිපත් කරමින් කළ කරුණු දැක්වීමක් සළකා බලමිනි.

අදාළ සැකකරුවන් 8 දෙනා ඇතුළු 9 දෙනෙකු පසුගිය 6 වැනි දා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

නියමිත ඇප කොන්දේසිය සපුරා ගැනීමට නොහැකි වූ නිසා සැකකරුවෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබුණි.

අප්‍රේල් 21 වැනි දා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඇතුළු ස්ථාන 8 පුපුරවා හැරි බෝම්බ නිෂ්පාදනය කළේ, වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සේවකයින් වැල්ලම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

මේ අතර ජාතික තවුහිද් ජාමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සේවකයාද  වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී තිබේ.

පසුගිය දා එලෙස අත්අඩංගුවට පත්වුණේ, පාර්ලිමේන්තුවේ සුචිගත කිරීමේ රාජකාරියේ නිරතව සිටි මහනුවර පදිංචි අවුරුදු 45 ක් පමණ වන මුස්ලිම් ජාතිකයෙකි.

සැකකරුගෙන් ත්‍රස්ත්‍ර විමර්ශන කොට්ඨාසය මේ වන විටත් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.

සැකකාර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයා මාස තුනක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පසුගිය දා පොලීසියට අවසර ලබා දුන්නේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න