ගිනිඅවියක්ද සමග අත්අඩංගුවට ගනු ලැබූ, ISIS සංවිධානය සමග සෘජු සම්බන්ධතා පැවැත්වූවෙකු බවට තහවුරු වී ඇති, පොහොට්ටු පක්ෂයේ මාබෝල කොට්ඨාශයේ සංවිධායකවරයා මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකුද වන මොහොමඩ් රිස්වාන් නොහොත් තුම්පනේ රිස්වාන් නැමැත්තාට ලබන 28 වනදා ඇප ලබාදීමට අවශ්‍ය කටයුතු පොලිසිය පාර්ශවයෙන් සිදු කරමින් පවතින බව වාර්තා වේ.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට දේශපාලන බලපෑමක් මත මේ කටයුතු සිදුවෙමින් ඇත.
පසුගිය 15වනදා පස්වරුවේ මොහුව ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනුලැබූ අතර අනතුරුව සිදුකළ සෝදිසියේදී ඔහුගේ නිවසේ තිබී හමුදා ඇඳුම් කට්ටල තොගයක්ද සොයාගෙන තිබිණි.
මේ අතර මොහු ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර නොදී වත්තල පොලිස්ථානයේ සැපපහසු බැරක්කයක තබාගෙන සිටි බවටද මාධ්‍ය වාර්තා පළවූ අතර පසුව ඔහුව පෑලියගොඩ පොලිසිය වෙත ගෙනගොස් තිබිණ.
මොහු නිදහස් කිරීමට සූදානම් වන්නේ යැයි ප්‍රදේශයේ ජනතාවට ලැබී තිබූ ආරංචියක් අනුව පසුගිය 20වනදා ඔහුව පොලිස් ඇප මත මුදා හැරීමට සූදානමක් තිබී ඇති අතර ඒ පිළිබඳ දැනගත් ඔහුගේ නිවස අවට සිංහල, මුස්ලිම් සියලුම ප්‍රදේශවාසීන් ඔහු පැමිණියහොත් පහරදෙන බව පවසා ඔහුගේ නිවස වටලා තිබේ.
එහිදී ඇතිව තිබූ උණුසුම්කාරී තත්වයත් සමග ගැටුමක් වර්ධනය වේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වත්තල පොලිස්ථානයට වාර්තා කිරීමෙන් පසු එම ස්ථානයට ගිය වත්තල පොලිස් නිලධාරීන් මොහොමඩ් රිස්වාන් නැමැත්තාට ඇප ලබා නොදෙන බව සඳහන් කිරීමෙන් පසු පිරිස විසිර ගොස් ඇත.
පොහොට්ටුවේ සංවිධායක මොහොමඩ් රිස්වාන් නැමැත්තා ISI සම්බන්ධතා පැවැත්වූවෙකු බවටත් ඔහුට මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායම සමග සෘජුවම සම්බන්ධතා තිබී ඇති බවටත් පසුගිය 16වනදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද සනාත කර තිබේ. එවන් පසුබිමක ඔහුට ඇප දීමට සූදානමක් වන්නේනම් ඊට දැඩි සේ විරෝධය දක්වන බවත් ඊට එරෙහිව විරෝධතා සංවිධායන කරන බවත් ජනතාව මේ වනවිටත් පොලිසියටද දන්වා ඇති බව වාර්තා වේ.
පොහොට්ටුවේ සංවිධායක මොහොමඩ් රිස්වාන් මාබෝල, වැලිකඩමුල්ල, ආරච්චිගේවත්ත ප්‍රදේශයට ත්‍රිරෝධ රථ රියදුරෙකු ලෙස පදිංචියට පැමිණ ඇත්තේ මීට වසර 10කට පමණ පෙරය. මොහු, කෙටි කාලයක් තුළ සුඛෝපභෝගී නිවාස කිහිපයකම හිමිකරුවෙකු වී තිබේ. එකම අංකය සහිත වාහන කිහිපයක් ද මොහු සන්තකගේ තිබී සොයා ගෙන තිබේ.
මොහුගේ ඥාති සහෝදරයෙකු බව පැවසෙන මොහොමඩ් නව්ෂාඩ් වත්තල නගර සභාවට පොහොට්ටුවෙන් තරග කර එහි විපක්ෂ නායක ලෙස සිටින අතර ඔහු රටින් පැනගොස් සිටි නමුත් මේ වනවිට නැවත ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.
විමර්ශන අංශ ඔහුගෙන්ද යම් ප්‍රශ්න කිරීමක් සිදු කර ඇති බවද වාර්තා වේ.

