සිරිසේනගේ ගෝලයා : අධිවේග මාර්ගයේ ආරක්‍ෂිත තහඩු හොරකමක !

සිරිසේනගේ ගෝලයා : අධිවේග මාර්ගයේ ආරක්‍ෂිත තහඩු හොරකමක !

මාතර හම්බන්තොට දැනට ඉදිකරමින් පවතින අධිවේගී මාර්ගයේ 39 සහ 40 කිලෝමීටර් කනුව අසළ ආරක්ෂිත වැටක් කපා එහි කම්බි සහ තහඩු හොරකම් කිරීම පිළිබඳව වීරකැටිය පොලිසිට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශනයකදී වීරකැටිය ප්‍රාදේශීය සභාවට 2018 වසරේ පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයට සිරිසේන ජනාධිපතිගේ සභාපතිත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණට ඉදිරිපත් වූ අපේක්ෂකයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එසේම ඔහු බැදිගම කොට්ඨාශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායවරයා බවද වාර්තා වෙයි.

මොහොට්ටිගේ ප්‍රදීප් කුමාර නම් එම පුද්ගලයාගෙන් සිදු කරන ලද ප්‍රශ්නකිරීම්වලදී අදාළ ආරක්ෂිත වැටේ කොටස් අගුණුකොළපෑලැස්ස ප්‍රදේශයේ කඩයක තිබි සොයාගෙන ඇත.

එහිදී ලක්ෂ 20කට වඩා වටිනාකමින් යුත් යකඩ තහඩු 51ක් හමුව ඇත.

 මෙම පුද්ගලයා සමඟ අදාළ සොරකම සම්බන්ධව තවත් පුද්ගලයන් තිදෙනෙකුවද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

Badigama Maithree 2

Badigama Maithree 3

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න