ප්‍රශ්නය ගොඩින් බේරගන්න අපේ පැත්තට එන්න : මහින්දගෙන් රිෂාඩ්ට ඇමතුමක්

ප්‍රශ්නය ගොඩින් බේරගන්න අපේ පැත්තට එන්න : මහින්දගෙන් රිෂාඩ්ට ඇමතුමක්

තම මන්ත්‍රීවරුන් යොදවා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙනවිත් ඇති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ රාත්‍රියේ " ප්‍රශ්නය විසදීමට තමන් හා එක්වීමට" බදියුදීන් අමාත්‍යවරයාට දුරකථන ඇමතුම් ලබාදීමට කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම චෝදනා කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ චෝදනාව නැගුවේ පසුගියදා පාර්ලිමේන්තුව අමතමින්ය.

රටේ මතුවූ අර්බුදය හමුවේ බල කෑදරකමින් විපක්ෂ නායක මහින්ද කටයුතු කරන බවත් ඔහු විශ්වාසභංග යෝජනාවට අත්සන පවා යොදා නැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.

ආණ්ඩුව විශ්වාසභංග යෝජනාවට බය නැති බවත් එහෙත් මේ නින්දිත දේශපාලනය නම් කොහෙත්ම අනුමත නොකරන බවත් අමාත්‍යවරයා පැවසීය.

වෙළෙඳ සංගම් වෙත නිර්නාමික ලියුම් යවලා !

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කර සිටියේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ විශ්වාසභංග විවාදය අවස්ථාවේ රට පුරා නගරවල අමාත්‍යවරයාට එරෙහිව විරෝධතා පවත්වන ලෙස ඉල්ලමින් නිර්නාමික ලියුම් ද යවා ඇති බවය.

එවැනි ලිපියක් ගම්පහ වෙළෙඳ සංගමයට ද ලැබී තිබෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

වරදක් කර ඇත්නම් ඊට අදාල විමර්ශන සිදුකර දඩුවම් ලබාදීමට කටයුතු කළ යුතු බවත් ඊට පක්ෂ විපක්ෂ භේදයක් නැති නමුත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ විශ්වාසභංගයට අත්සන පවා නොයොදා කරන රෑ දනියෙල් දවල් මිගෙල් ප්‍රතිපත්තිය නින්දිත බවත් අමාත්‍යවරයා දැක්වීය.

විපක්ෂයේ බාධා !

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් දක්වන අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඊට බාධා කරමින් විපක්ෂ නායක එවැනි කටයුත්තක් සිදුකර නොමැති බව සදහන් කළත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර සිටියේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ බව තහවුරු කර ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න