හැමෝම ජනාධිපති අගමැති වෙන සිහින වල : ඉතිං රට හැදෙයිද - අර්ජුන

හැමෝම ජනාධිපති අගමැති වෙන සිහින වල : ඉතිං රට හැදෙයිද - අර්ජුන

බොහෝ දෙනෙකු මේ වන විට ජනපතිබවට පත්වීමේ සිහිනයක සිටින බවත් ඒ අනුව රට හදන්නේ කෙසේදැයි අමාත්‍ය අර්ජුණ රණතුංග පැවැසීය.

ජනාධිපති වීමේ සිහිනයක් තමන්ට නොමැති බවත් රට හැදීමේ සිහිනය පමණක් තමන්ට ඇති බවත් ඔහු පැවැසීය.

අමාත්‍යවරයා  මේ බව කියා සිටියේ වේයන්ගොඩ එළුවාපිටියේ පැවැති ප්‍ර‍ජා සත්කාරක වැඩසටහනකට අද (26) එක් වෙමිනි.

“හැමෝම ඉන්නේ ජනාධිපති සිහිනයක. ඉතිං කොහොමද රට හදන්නේ. රට හදන්න නම් ජනාධිපති සිහිනය, අගමැති සිහිනය, ආණ්ඩු සිහිනය අත් හරින්න.

ජනාධිපති කෙනෙක් වීම මේ රටේ ජනතාව තීරණය කළ යුතු දෙයක්. එහෙම නැතුව එය එක එක්කෙනාට තීරණය කරන්න බැහැ. මේ වෙලාව පසුගිය පාස්කු ප්‍ර‍හාරයත් සමඟ අපේ රට ආර්ථිකය ඇතුළු සමාජීය ප්‍ර‍ශ්නයකට මුහුණ දෙන වෙලාවක්.

මේක ජනාධිපතිවරු හදන්නවත්, අගමැතිවරු හදන්නවත්, ආණ්ඩු හදන්නවත් වෙලාවක් නෙමෙයි. අපේ රටේ ආර්ථික තත්ත්වය මේ ප්‍ර‍හාරයත් සමඟ ඉතාමත් නරක තත්ත්වයකට යමින් සිටින්නේ. විශේෂයෙන්ම සංචාරක අංශය කඩා වැටුණා. ව්‍යාපාරකයින්ට ගොඩාක් ගැටළු ඇතිවෙලා තියෙනවා.

ඒ නිසා මේ වෙලාවේ ජනාධිපති සිහින, අගමැති සිහන, ආණ්ඩු සිහින පැත්තකට දාලා විපක්ෂ පක්ෂ සියලු දෙනාම එකට එකතු වෙලා, දේශපාලන පක්ෂ පැත්තක තියලා රට වෙනුවෙන් මේ ප්‍ර‍ශ්නවලට මුහුණ දෙන්න ඕන. ඒවා විසඳන්න ඕන. පිටරටක නම් මෙවැනි සිදුවීමක් ඇති වුණාම ආණ්ඩුව මොකද්ද විපක්ෂය මොකද්ද කියලා නැහැ ඔක්කොම එක තැනක හිටගෙන රට වෙනුවෙන් කටයුතු කරනවා.

අපේ රටෙත් එවැනි තත්ත්වයක් මේ සිද්ධියේ මුලින් මුලින් දැක්කා. නමුත් දැන් දැන් මැරුණු මිනිස්සුන්ගේ මිනී උඩින් දේශපාලනය කරන්න හදනවා. එය මම ඉතාම පිළිකුල් විධියට හෙළා දකිනවා. අද අපේ රටේ බොහෝ දේශපාලනඥයෝ කරන්නේ ඊළඟ මැතිවරණයට ලෑස්ති වීම.

නැතිනම් එක එක්කෙනා තමන්ගේ ගමනක් යන්න හදනවා.  මේ ජරා වැඩේ නතර කරන්න. දැන් අවශ්‍ය වෙන්නේ රට ඉදිරියට ගෙනි යන්න. හරි කාලේ එන විට රටට ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් පත් වෙයි.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න