අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව පොලිස් මුලස්ථානය වෙත ලැබුණු පැමිණිලි දෙකක් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කරයි.
ඒ අනූව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි විසින් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව කරන ලද පැමිණිල්ලක් සහ පුජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව සිදුකරනු ලැබූ පැමිණිලි දෙකක් මෙලෙස වැඩිදුර විමර්ශන සදහන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇත.

