හෙට (27) සහ අනිද්දා (28) දිනයන්හිදී පවත්වන විශේෂ මාධ්‍ය හමුවලදී විශේෂ හෙළිදරව් කිහිපයක් කිරීමට සුදානම් බව බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කර සිටි බව ජනාධිපති සිරිසේනට සහය දක්වන වෙබ් අඩවි කිහිපයක් සදහන් කරයි.
ඥානසාර හිමියන් අද (26 ) දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ මේ බව සදහන් කර ඇති බවත් එම මාධ්‍ය වාර්තා සදහන් කරයි.
එසේම එහි වැඩිදුරටත් සදහන් වන්නේ හෙට (27) දිනයේදී කරන හෙළිදරව් වලින් පසු රට තුල යම් කිසි කැළඹීමක් පවා ඇතිවීමට ඉඩ ඇති බව උන්වහන්සේ එහිදී සදහන් කර ඇති බවය.

