පෙට්‍රල් බෝම්බ, යුද හමුදා ඇදුම් සමග තවත් පොහොට්ටු සාමාජිකයන් දෙදෙනෙකු අල්ලයි !

පෙට්‍රල් බෝම්බ, යුද හමුදා ඇදුම් සමග තවත් පොහොට්ටු සාමාජිකයන් දෙදෙනෙකු අල්ලයි !

නාරම්මල පොල්ගහයාය ප්‍රදේශයේ යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව සිදුකළ සෝදිසි මෙහෙයුමකදි පෙට්‍රල් බෝම්බ , යුද හමුදා ඇදුම්, විදෙස් යුද හමුදා ඇදුම් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට නිවසක් පරීක්ෂා කිරීමේදී මේ දේවල් හමුවී ඇති අතර එහි ගෘහ මූලිකයා 2018 පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකයකු බවත් වාර්තා වෙයි.

ඔහු සමග අත්අඩංගුවට ගෙන ඇති අනෙක් පුද්ගලයා වන්නේ ඔහුගේ පුත්‍රයා ය.

මීට පෙර මේ නිවස ආසන්නයේ විසූ තවත් පුද්ගලයකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනුලැබූ අතර ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධ වීඩියෝ රැසක් සිය ජංගම දුරකථනයේ තිබීම සම්බන්ධව සැකපිට බවත් ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න