පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව නිවැරැදි මෙන්ම වරද සිදුවී ඇත්තේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිත තීරණයක් ගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අතිශය වැදගත් බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.
ඊයේ (26) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.
සත්‍ය තොරතුරු දැනගන්නට නම් සියළු පාර්ශව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහය දෙමින් ඊට සහභාගී වීම වැදගත් බවත් එය ප්‍රතික්ෂේප කිරීම මේ මොහොතේ සිදු නොකළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට ජනතාව පාර්ලිමේන්තුව දෙස බලන්නේ පට්ටපල් හොරු ටිකක් සිටින තැනක් වන හෙයින් එය නිවැරදි කිරීමට මෙය අවස්ථාවක් වන බව අමාත්‍යවරයා කියාසිටියේය.
මෙම තේරීම් කාරක සභාවේ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා මාධ්‍යයට ද විවෘත කර ඇති බැවින් ඕනෑම කෙනෙකුට අදහස් ඉදිරිපත් කළ හැකි බවද රවී කරුණානායක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

