මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම ඉවතට : බෙහෙත් ගන්න සිංගප්පූරුවට !

මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම ඉවතට : බෙහෙත් ගන්න සිංගප්පූරුවට !

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට අධිකරණය මඟින් පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ මස 13 වනදා සිට 18 වනදා දක්වා කාලසීමාව තුළ සිංගප්පූරුවට යාමට අවශ්‍ය ඇති බව කියා සිටියේය.

ඒ සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී විනිසුරු ආධිත්‍ය පටබැඳී විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර සිටියේ විදේශ ගත වීමට තිබෙන අයිතිය මූලික අයිතිවාසිකමක් වශයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් පිළිගෙන ඇති බවයි.

ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා වෙත පණවා තිබූ විදේශ ගමන් තහනම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ අනුව එය ඉවත් කිරීමට නියම කළ අතර කෙසේ වෙතත් විදේශ ගත වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස ද විත්තිකාර මන්ත්‍රීවරයාට නියම කළේය.

විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලීමක් කරමින් එම නඩුවේ සාක්ෂි දුන් කහවගේ ඩග්ලස් නැමති සාක්ෂිකරුගෙන් නැවතත් හරස් ප්‍රශ්න ඇසීමට අවසර දෙන මෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිබඳ නියෝගය ජූලි මස 25 දා ප්‍රකාශයට පත් කරන බව විනිසුරු පටබැඳි එහිදී පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න