රතන හිමි අතන කළේ තක්කඩි වැඩක් - ඥානසාර හිමි පැහැදිලි කරයි (වීඩියෝ )

රතන හිමි අතන කළේ තක්කඩි වැඩක් - ඥානසාර හිමි පැහැදිලි කරයි (වීඩියෝ )

පුද්ගලයන් තිදෙනෙකු පමණක් ඉලක්ක කරගෙන අතුරලියේ රතන හිමි දියත් කළ අවස්ථාවාදී වැඩෙන් සිදුවන්නේ සම්ප්‍රදායික මුස්ලීම් මිනිසුන් අන්තවාදයට තල්ලු කිරීම බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි චෝදනා කරයි.

ඥානසාර හිමියන් මේ බව සදහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මෙසේද පැවසීය.

" සහරාන්ලාගේ අන්තවාදය පරාජය කිරීමට සිංහල සමාජයට වඩා උදව් කළේ මුස්ලීම් මිනිස්සු. උම්මත්තක අන්තවාදයට එරෙහිව රොද බැන්දේ සම්ප්‍රදායික මුස්ලීම් මිනිස්සු.

දැන් මේ වෙන වැඩ වලින් මොකක්ද වෙන්නේ. ඒ සම්ප්‍රදායික මුස්ලීම් මිනිස්සුත් අන්තවාදයට තල්ලු වෙන්න පුලුවන්. මේ මොන අපරාධයක් ද කරන්නේ මේ මිනිස්සු .

තක්කඩි විදිහට තමන් ගැන පමණක් හිතන ආත්මාර්ථකාමීන් ටිකක් ඇවිත් මේක ඉස්සරහා හිටගෙන මෙය වෙන පැත්තකට ගෙන යන්න හදනවා. දැන් හරි වීරයෝ..වීරයෝ ගොඩයි.. නායකයන් ගොඩයි. පුද්ගලයන් තුන් දෙනෙක් ඉලක්ක කරගෙන , හිස් පංචස්කන්ධ තුනක් මුල්කරගෙන රතන හාමුදුරුවොත් ගිහින් වාඩි වෙනවා උපවාසයකට.

දැන් ඒ උපවාසයට හරි වාඩි වෙන්න තිබුණේ පාස්කු ප්‍රහාරයෙන් සතියකට විතර පස්සෙනෙ. එහෙම වාඩිවෙලා කිව්වා නම් මුස්ලීම් මන්ත්‍රීවරුන් කට්ටිය පැත්තකට වෙන්න මේ ප්‍රශ්න ටික විසඳා ගන්නකල්, කියලා කිව්වා නම් සාධාරණයි.

දැන් මේ පුද්ගලයන් තුනද ප්‍රශ්නය ? මේ වගේ වැඩ වලින් වෙන්නේ , ඔන්න මම අද කිව්වා කියලා හිතේ තියාගන්න , සිංහල මුස්ලීම් කෝලාහලයක් මේ රටේ නිර්මාණය වෙනවා.

ඒක ඊයේ සිද්ධ වුණා හාමුදුරුවන්ගේ උපවාසය නිසා. පුද්ගලයෝ තුන් දෙනෙකුට ගැහුවා. හැබැයි උලමා සභාව ගැන උන්වහන්සේ කතා කලේ නෑ . ශූරා කවුන්සිලය ගැන කතා කලේ නෑ. මුස්ලීම් කවුන්සිලය ගැන කතා කලේ නෑ .

ඔය මුස්ලීම් දේශපාලනඥයින් වගේම තමයි අපේ සිංහල දේශපාලනඥයින් . මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා නැද්ද , අපරාධකරුවන් සමග සම්බන්ධතා නැද්ද .. එහෙනම් උන්ටත් විරුද්ධව උපවාස කරන්න එපාද ?"

ඥානසාර හිමියන්ගේ ඒ ප්‍රකාශය ඇතුලත් වීඩියෝ පටය පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න