සහරාන්ව අත්අඩංගුවට ගන්න යනකොට මාව අත්අඩංගුවට ගත්තා - නාලක සිල්වා

සහරාන්ව අත්අඩංගුවට ගන්න යනකොට මාව අත්අඩංගුවට ගත්තා - නාලක සිල්වා

තමන් අත්තඩංගුවට නොගත්තේ නම් පාස්කු ඉරිදා දිනයේ ප‍්‍රහාරයන් වලක්වා ගැනීමට හැකියාව තිබූ බව ඇප මත නිදහස ලබා සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව විමර්ශනයට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ ඊයේ (04) සාක්‍ෂි දෙමින්ය.

තමන් අත්අඩංගුවට ගත් හේතුවෙන් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමේ කටයුත්තද ඇණහිටි බවද ඔහු එහිදී සදහන් කලේය.

සහරාන් සම්බන්ධයෙන් තමන් හොදින් අධ්‍යනය කර තිබූ බවත් අදාල තොරතුරු පොලිස්පතිවරයාට පවා දැනුම් දී තිබූ බවත් ඔහු එහිදී පැවසීය.

සහරාන් අත්අඩංගුවට ගැනීමට 2018 දී අධිකරණ වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කළේ සැලැස්මක් ඇතිව බවත් තමා අත්අඩංගුවට පත්වීමෙන් ඒ සියලු සැලසුම් අඩපණ වූ බවද ප්‍රකාශ කළේය.

මෙහිදී හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අවධාරණය කර සිටියේ සහරාන් අත්අඩංගුවට ගැනීමට අවස්ථාව ලැබුණේ නම් ඉතිරි සාමාජිකයන් ද එක පෙළට අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ බවය.

තමාගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හැකිවුයේ නම් පාස්කු ප්‍රහාරයක් ඇති නොවීමට හෝ අවම වීමට හෝ ඉඩ තිබූ බවද හෙතම පැවැසීය.

තවද මෙහිදී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සදහන් කර සිටියේ 2018 අගෝස්තු මාසයෙන් පසුව තමන් බුද්ධි තොරතුරු සමාලෝචන සාකච්ඡාව සදහා සහභාගී ව නොමැති බවය.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියමින් නාමල් කුමාර නම් තැනැත්තා පැවැත්වූ මාධ්‍ය හමු කිහිපයක් හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබිණ.

එහිදී ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට අදාල හඩපට සාක්ෂි ඇති බව නාමල් කුමාර පැවසූ නමුත් සිංගප්පූරුවට යවා පවා ඒවා සොයා ගැනීමට නොහැකි විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න