රිෂාඩ්ගේ විශ්වාසභංග යෝජනාව විසිවෙයි !

රිෂාඩ්ගේ විශ්වාසභංග යෝජනාව විසිවෙයි !

ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ ඊයේ (04) පක්‍ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ජනතා විමුක්ති පෙරමණ විසින් ආණ්ඩුවට විරුද්දව ගෙනැවිත් ඇති විශ්වාස භංග යෝජනාව ජුලි මස 09-10 දිනවල විවාද කිරීමටද පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.

බදියුදීන් ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගය මෙම 19 වැනි දින විවාදයට ගැනීමට තීන්දු කර තිබුනද ඔහු ඇමති ධුරයෙන් ඉවත් වීම හේතුවෙන් එය පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කර ඇත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වී ඇත්තේ මාසයක කාලයකට පමණක් වන අතර එම කාලය තුල ඔවුනට විරුද්දව පිලිගත හැකි මට්ටමෝ චෝදනා ඉදිරිපත් නොවුනහොත් නැවතත් ඇමති ධුරවල දිවුරුම් දීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න