තමන් නැවත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ජනාධිපති සිරිසේන ඊයේ (04) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා ඇතැයි වාර්තා වෙයි.
එසේම තමන් කිසිම හේතුවක් මත රාජපක්ෂවරුන්ට උදව් නොකරණ බවත් එක්සත් ජාතික පක්ෂය අලුත් මුහුණුවරකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඊට සහාය ලබාදීමට තමා සුදානම් යැයි ද මෙහිදී පවසා ඇති බවත් වාර්තා වෙයි.
ජනාධිපතිවරණය සඳහා ඇත්තේ තවත් මාස පහක පමණ කාලයක් බවත්, ඒ සඳහා එජාපය තවමත් කිසිදු සුදානමක් නැතැයි පවසමින් ජනාධිපති සිරිසේන ඔවුන්ට දොස් පවරා ඇති බවත් දැනගන්නට ඇත.
සියලු භේද පසෙකලා ඉදිරි ජනාධිපතිවරණය සඳහා කඩිනමින් සුදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරැන්ට දැනුම් දීමක් ද මෙහිදී සිදු කර ඇති බවත් වාර්තා වෙයි.
මේ සම්බන්ධව වාර්තා කරන "ලීඩර්" වෙබ් අඩවිය සඳහන් කර එක්සත් ජාතික පක්ෂ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයකු උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඉදිරිපත් වේ නම් ජනාධිපති සිරිසේන මීට පෙරත් සඳහන් කර තිබෙන බවය.
සිරිසේන - සජිත් සන්ධානයක් !
මේ අනුව පෙන්නුම් කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට එවකට ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන සන්ධානය දියත් කළාට සමාන සැළැස්මක් මෙවර ජනාධිපති සිරිසේන දියත්කර ඇති බවය.
මේ වන විටත් රණසිංහ ප්‍රේමදාස යුගයක් නැවත ඇතිකිරීම ගැන කියමින් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමන් සූදානම් බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පෙන්වමින් සිටියත් පක්ෂය ඒ සම්බන්ධව යම් නිහඬතාවක් පෙන්නුම් කරමින් සිටියි.
එවැනි පසුබිමක සිරිසේන ජනාධිපති කිසියම් නාඩි ඇල්ලීමක් මෙහිදී සිදුකර තිබෙන බව පෙනෙන්නට ඇත.

