ගම්පහ දේශපාලන ලනු බුදින සිව්රුධාරීන්ට : මංගලගෙන් දහම් පාඩමක් !

ගම්පහ දේශපාලන ලනු බුදින සිව්රුධාරීන්ට : මංගලගෙන් දහම් පාඩමක් !

මහා සංඝරත්නයට අපහාස වන ලෙස ප්‍රකාශ සිදුකළ බව පවසමින් අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මෙන්ම චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ගම්පහ ප්‍රදේශයේ කිසිඳු විහාරස්ථානයකට නොගැනීමට ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය ඊයේ (04) ගෙන ඇති තීරණය ගම්පහ ප්‍රබල දේශපාලනඥයකුගේ ඉල්ලීමක් මත සිදුකර ඇති බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය රාජපක්ෂ පාලන සමයේ කප්පං සහ අල්ලස් චෝදනා ඇති මේ දේශපාලන ප්‍රබලයා සිය කළු ප්‍රතිරූපය ජනතාව වෙතින් වසං කරගැනීමට මේ ආකාරයේ මැදිහත්වීමක් සිදුකර තිබේ.

එසේම අදාළ දේශපාලනඥයාගේ අපේක්ෂාව ගම්පහ පන්සලකට යාමට හැකි එකම ජනතා නියෝජිතයා තමන් බව ප්‍රදර්ශනය කිරීම බවත් ඉදිරියේ ජන හමු වලදී "රාජිත, මංගල, චතුර, පුළුවන් නම් ගම්පහ පන්සලකට ඇවිත් පෙන්වන්න" කියා අභියෝග කරන බැවින් මෙවැනි තීරණයක් ගෙන ප්‍රසිද්ධ කරදෙන ලෙස භික්ෂූන් කිහිපනමක් වෙතින් ඉල්ලා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

මංගලගේ ධර්මය !

කෙසේ වුවත් අද (05) සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර බෞද්ධ දර්ශනයේ එන මූලික ඉගැන්වීමක් සම්බන්ධව සිහිපත්කර ඇත. ඒ ගෞතම බුදුන් තමන්ව ඝාතනය කිරීමට පැමිණි උදවියට ප්‍රතිචාර දැක්වූ ආකාරය සිහිපත් කරමින්ය.

අමාත්‍යවරයා තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

IMG 20190605 143320

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න