මහින්දට දැනට වෙඩි නොවදින කාර් 3ක් දීලා තියනවා : තව මොකටද ? මෛත්‍රී

මහින්දට දැනට වෙඩි නොවදින කාර් 3ක් දීලා තියනවා : තව මොකටද ? මෛත්‍රී

වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදෙන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉල්ලා ඇත්තේ රජය විසින් මේ වන විටත් ඔහුට රජය විසින් වෙඩි නොවදින මෝටර් රථ 3ක් නිකුත්කර තිබියදී බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ බව කැබිනට් මණ්ඩලය හමුවේ අනාවරණය කර ඇත්තේ ජනාධිපති සිරිසේන විසින්ය.

එසේම තවත් වෙඩි නොවදින මෝටර් රථයක් මහින්දට දිය යුතු නැති බව එහිදී ජනාධිපතිගේ ස්ථාවරය වූ බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

තමන්ට වෙඩි නොවදින මෝටර් රථයක අවශ්‍යතාව පෙන්වා දෙමින් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලය හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙතින් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබිණ.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලීම පසුගිය කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කර තිබූ අතර ඒ අවස්ථාවේ අදාළ ඉල්ලීම සම්බන්ධව පියවර ගැනීම පසුවට කල්තැබීමට ජනාධිපති සිරිසේන කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි. තවද මුදල් අමාත්‍ය මංගල සමරවීර ද එම යෝජනාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව එහිදී දන්වා ඇත.

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඊයේ (04) පැවති කැබිනට් අමාත්‍ය හමුවේදී එම යෝජනාව ඉදිරිපත් නොවූ බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න