වර්තමානයේ වඩාත්ම ප්‍රබල සන්නිවේදකයා ගේ කාර්‍යයය ඉටුකරන - MARK SUCKERBERG / ANDREW WEINREICH වැන්නන්ගේ ගේ නව සමාජ මාධ්‍ය හරහා සමාජගත වූ ලාංකීය විනෝදාස්වාදයේ ප්‍රමුඛයින් හය දෙනෙක් එකවිට තම සිනමා වටිනාකම් උරගා බැලීමේ තරගකාරී සිනමා සටනක් වෙනුවෙන් තිරය මත තරගවදියි.
දේශීය චිත්‍රපට පිළිබඳව අතීතයට ගමන්කරනවිට මෙවැනි ආකාරයේ චිත්‍රපට කිහිපයක්ම එක් එක් කාලවකවානුවල නිමැවී තිබේ.
එම් මස්තාන් ගේ " අල්ලපු ගෙදර " ( 1965 )
මනික් චන්ද්‍රසාගර ගේ " කොළඹ සන්නිය " ( 1976 )
සුනිල් ආරියරත්න ගේ " කෝලංකාරයෝ " ( 1981 )
හර්බට් රංජිත් පීරිස් ගේ " ඇැර සොයිසා " ( 1984 )
රෝයි ද සිල්වා ගේ " චෙරියෝ කැප්ටන් " ( 1995 ) යනාදි චිත්‍රපට එකල ද මුළුමනින් ම සිනමාට එක්ව සිටි සියලු විකට නළුවවන් එකම සිනමාපටයකට යොදා කළ නිර්මාණ බවට සටහහන්ව තිබේ.
විකට නළුවා යනු හුදෙක් විකටයෙක් ම නොවේ
එකී චිත්‍රපටවල දේශීය සිනමාවේ විකට රජුන් ලෙස නම් තැබූ නළුවන් අතර ජෝ අබේවික්‍රම ඉදිරියෙන් ම සිටියි, සැබැවින් ම ඔහු දේශීය සිනමා රංග පෞරුෂයේ ඉහළ සලකුණකි.
එකල ඔහු මෙවැනි විකට චරිත රංගනයේ ද යෙදෙන අතර: ''දෑස නිසා'', ''තුං මං හන්දිය'', ''වැලිකතර'', ''බඹරු ඇවිත්'', ''සොල්දාදු උන්නැහේ'', ''මල්දෙණියේ සිමියොන්'' ''එක් ටැම් ගේ'', ''සිරි බෝ අයියා'', ''පූජා'', ''පුරහඳ කළුවර'' සහ තවත් මෙබඳු චිත්‍රපට විශාල ප්‍රමාණයක අති සාර්ථක රංග කාර්‍යයක එක හා සමානව නියැළිණි.
ජෝ අබේවික්‍රම ''වැලිකතර'' (1971) චිත්‍රපටයේ
විකට නළුවා යනු හුදෙක් විකටයෙක් ම නොවේ, ඔහු විශිෂ්ටයෙක්, ලෝක සිනමාවේ ඒ බැව් තහවුරු කළ අසහාය පුද්ගලයා " සර් චාලි චැප්ලින් " වෙයි.
චාලි චැප්ලින් "Modern Times'' (1936) චිත්‍රපටයේ
කතාව ගලා යෑමට අවැසි ප්‍රධාන මෙවලම
චිත්‍රපට නිර්මාණකරණයේ දී වීර කතාවල දී වීරයාට විකටයා මුසු කරයි. එය කතාව ගලායෑමට අවැසි ප්‍රධාන මෙවලමක් ලෙස සිනමාකරුවා යොදාගනි. මෙය එක් වර්ගයක චිත්‍රපට රසාස්වාදයක් වන අතර වීරයා චිත්‍රපටය තුළ ඉහළට ම යද්දී විකටයා ද ප්‍රේක්ෂකයාට විනෝදාස්වාදය සපයමින් පසුපස ම ගමන් කරයි; මෙය චිත්‍රපටකරණයේ දී මැජික් වැඩක් ලෙස පෙනේ.
ඉහත සඳහන් චිත්‍රපට සියල්ලේ ම වීර චරිත නැත. එහෙත් කතාව විකට නළුවන් විසින් ඉදිරියට ම ගෙන යයි. විනෝදාස්වාදය ඉහළ තලයක රඳවාගනිමින් චිත්‍රපටය ගලා යයි. එවිට වීරයන් අවශ්‍ය නොවේ. "ඒක තමයි මේක " කලකට පසු නිමැවූ ඒ ආකාරයේ චිත්‍රපටයකි; එහි සැබෑ වෙනස ඒකයි,
චිත්‍රපටය තුළ කතාව ද කාටත් දැනෙන කතාවක් වටා කැරකේ. ඒජන්සිකාරයකු හරහා රට යෑමට දඟලන තරුණ කොටසක් සුපුරුදු ලෙසට මුහුණ දෙන අපේක්ෂාභංගත්වය පිළිබඳව නිර්මාණ පසුබිම සැකසී තිබේ.
ඔවුන් තම සැබෑ සිහිනයට ප්‍රවිශ්ටව සිටියි
රංග ජයකොඩි (ජනා), චමල් රත්නායක (ප්‍රියා), රතිඳු සේනාරත්න (රැට්ටා), ලෝචනා ජයකොඩි (ලෝචි), ලක්මාල් වීරසේකර (ලකා), ශාන් අරෝෂ (සිකා) - ජනිත් රෑපසේන (සිරිල් අයියා) යනාදි විකට රංගන ශිල්පීන් මෙතෙක් කල් කුඩා අඟල් පහේ හයේ SMART PHONE තිරමත හෝ කම්පියුටර් මත කළ ශිල්ප අති විශාල තිරයමත දිගහරිති.
මොවුන් සියලු දෙනා ම පාහේ අතිවිශාල තිරයට ඇලුම් කළ අය වුවත් ඔවුන් ගේ සමාජගතවීම සිදුවූයේ කුඩාතිර මතිනි. දැන් ඔවුන් තම සැබෑ සිහිනයට ප්‍රවිශ්ටව සිටියි. එය ඔවුන්ටත්, ඔවුන් ගේ ප්‍රේක්ෂකගාරයටත් සතුට දනවන කරුණක් බැව් පෙනේ,"
" ඒක තමයි මේක " චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය
නළුවන් 6 දෙනාත්, එකම නිළියත් කරට කර සිටියි. ලෝචනා කුඩා ම කුඩා තිරයෙන් ගත් පරිචය ඉතා හොඳින් සිනමා තිරය මත දිගහරියි, ඇය කම්මැළි නොවන රංගනයක් ප්‍රේක්ෂකගාරයට ලබාදෙයි, අනෙක් රංගන ශිල්පීන් 6 දෙනා ද කරට කර රංගනයේ යෙදෙති. ඔවුන් සිනමාතිරයට ආගන්තුක බවක් නොපෙන්වයි, ඔවුන් වැඩේ දැන හැඳින කරනබැව් දැනේ. ඔවුන් කුඩා ම කුඩා තිරයෙන් උපයාගත් රංග කුසලතාව දැවැන්ත තිරය මත විසුරුවා හරියි.
ඉහත ශිල්පීන් හට පාර කැපී ඇත්තේ අධ්‍යක්ෂ සුරංග ද අල්විස් සහ නිෂ්පාදක EVOKE ROOPAHALA FILMS ( PVT ) LTD එකමුතුවෙනි.
තනි වීරයා වෙනුවට විකටයින් පිරිසක්

අර්බුදකාරී තත්ත්වයක පසුවෙන දේශීය සිනමාවට මෙවැනි නිර්මාණ එක් සිනමා ළැදි ආයතනයක් තුළින් ඉදිරිපත්කිරීමට යොමුවීම අගය කළ යුතු ය. මේ වනවිට දේශීය චිත්‍රපට නිෂ්පාදනයට කේවල පුද්ගයින් පැමිණියත් සිනමා සමාගම් ලෙසින් එන ප්‍රමාණය අවම වී තිබේ. එකල සිලෝන් තියර්ටර්ස්, සිනමාස්, ඊ ඒ පී වැනි ආයතන මේ සඳහා යොමුවී තිබුණ ද වත්මනෙහි එවැනි තත්ත්වයක් නොපෙන්වයි, එවැනි තත්ත්වයක් යටතේ නැවතත් අතීතය සිහිගන්වමින් "රූපහල ෆිල්ම්ස්" මේ වැඩේට අත ගැසීම අගය කළ යුතු යි, පවතින අවදානම දරමින්, ප්‍රේක්ෂක සතුටත්, ඔවුන්ගේ ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් සිනමාව තෝරාගැනීමත් අගය කළ යුතු ය. දන්නා තරමට ඔවුන් දෙවෙනි නිර්මාණයටත් අතගසා ඇත.
චිත්‍රපටය සුරංග ද අල්විස් ගේ නිර්මාණයක මුද්‍රාව සටහන්ව තිබේ. ඔහු ගේ සෑම චිත්‍රපටයක් ම වීරයා වටා කැරකී තිබුණ ද, ඔහු මෙවර තනි වීරයා වෙනුවට විකටයින් පිරිසක්ම එකවිට වීරයින් කර ඇත.
දේශිය සිනමාවට මෙවැනි නිර්මාණ සඳහා විශාල ප්‍රාග්ධනය යොදවන ආයතන අවශ්‍යව තිබෙන අතර සියලු දෙනා ම එකී ආයතන රැකගැනීමට ද පෙළඹිය යුතුයි." ඒක තමයි මේක " ප්‍රේක්ෂකයා ඇස ගැටියයුතු අතර, සිනමාවේ පැවැත්ම වෙනුවෙන් ප්‍රේක්ෂකයා ඒ පිළිබඳව කතා කළ යුතුයි,
එදා එම්. මස්තාන් ගේ " අල්ලපු ගෙදර " බඳු රස ගුලාවකට ප්‍රේක්ෂක ආදරය සහ කතාබහ ලැබුනාක් මෙන්, මෙවැනි චිත්‍රපට කෙරේ ද ප්‍රේක්ෂකයා මැදිහත්විය යුතු ය.
2025 වසරේ වැඩිම ආදයම් ලැබූ චිත්‍රපට වූ "නෙළුම් කුළුණ'', ''වාම්පුරි'', ''මෝඩ තරිඳු" යනාදි චිත්‍රපට අර්ථ - ධර්ම කෙළියට හසුවූ චිත්‍රපට නොවේ, එවායේ තිබු සරල රසාස්වාදය මතින්, මනසට පීඩානොවන, වින්දනයට මූලිකත්වය දී කළ වැඩ කිහිපයක් ප්‍රේක්ෂකගාරය හිස මුදුනින් පිළිගැනීම පමණයි. සිනහව යනු ලෙහෙසි පහසු දෙයක් නොවේ, සිනව තුළ ලියැවුණ දුකට වෙනම වටිනාකමක් පවතී. සිනහව යනු අපි සියලු දෙනා ගේ ම ජීවිතයේ තෘප්තිකර පරමාණුවයි.
" ඒක තමයි මේක " බලන්න, ලියන්න.

සටහන - මොහාන් හෙට්ටිආරච්වි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
