සිරිසේනගේ වර්ජනයට : අගමැතිගෙන් තද ප්‍රතිචාරයක් !

සිරිසේනගේ වර්ජනයට : අගමැතිගෙන් තද ප්‍රතිචාරයක් !

කැබිනට් මණ්ඩලයේ රැස්විම් නොපැවැත් වු පමණින් කැබිනට් මණ්ඩලය අහෝසි වන්නේ නැති බවත් බහුතරයක් ඇති පක්ෂයේ නායකයා වශයෙන් අගමැති ධුරයට තමා පත් වි තිබෙන්නේත්, තමන් විසින් කැබිනට් මණ්ඩලය පත් කොට තිබෙන්නේත් පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුව බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
එසේම තේරිම් කාරක සභාව පත් කර තිබෙන්නේද පාර්ලිමේන්තුව විසින් බවත් එබැවින්, තේරිම් කාරක සභාවේ කටයුතුවලට මැදිහත්වීමට කැබිනට් මණ්ඩලයට කිසිදු හැකියාවක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ දි සිවිල් සමාජ ක්‍රියාකාරින හා වෘත්තිය සමිති නායකයින් සමඟ ඊයේ (11) පැවැති සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය පාවාදෙන්නේ නෑ !

තමා ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය පාවා දීමට කිසි විටෙකත් කටයුතු නොකරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙහි දි පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එම කාරක සභාව පත් කරන ලද්දේ පාර්ලිමේන්තුවේ සියලු ම පක්ෂවල එකඟත්වය ඇති ව බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

පාර්ලිමේන්තුවේ ඉල්ලීම් තේරීම් කාරක සභාව ඉටුකළා !

"අපි තේරිම් කාරක සභාවෙන් කාරණා දෙකක් ඉල්ලා සිටියා. පළමු වැන්න,රිෂාඩ් බදියුද්දීන් මහතාට විරුද්ධව ඇති චෝදනා විභාග කොට ඉක්මණින් තීරණයක් ලබා දෙන ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව ඉදරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව ජුලි මාසයේදි විවාදයට ගන්නා නිසා එයට පෙර මේ පිළිබඳව තිරණයක් ලබා ගැනීම වැදගත් නිසයි එසේ ඉල්ලා සිටියේ. අප ඉල්ලා සිටි දෙවන කරුණ නම් ,බුද්ධි අංශ නිලධාරීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙන විට මාධ්‍ය ඉවත් කර එහි සාක්ෂි විභාග කරන ලෙසයි.

අප්‍රේල් 21 දා සිද්ධිය ගැන පරික්ෂණ පැවැත් වු මලල්ගොඩ කොමිටියේ වාර්තාව දැන් බාර දි ඇති බවත්,එය ලැබුණු පසු එහි නිර්දේශ පිළිබඳව ඉදිරියේ දි කටයුතු කරන බවත්,අගමැතිවරයා තවදුරටත් කීය.

"අප්‍රේල් 21 දා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදි අත්අඩංගුවට ගෙන සිටින, එහෙත් එම සිදුවිම්වලට සම්බන්ධ නොමැති මුස්ලිම් ජාතිකයින් අධිකරණයට ඉදිරිපත් කොට නිදහස් කිරිමට උපදෙස් දි ඇති බවත් මෙහිදී වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකශ කළේය.

හිස්බුල්ලාගේ ප්‍රකාශය හෙළාදකිනවා !

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා කාත්තන්කුඩියේ දි කර තිබු ප්‍රකාශ රජය තරයේ හෙළා දකින බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ජාතිවාදි කතා දැන්වත් නතර කළ යුතු බවත්,ඒවායින් සිදු වන්නේ විශාල හානියක් බවත් ඔහු පැවසීය. "අප කටයුතු කළ යුත්තේ,ශ්‍රි ලංකිකයින් වශයෙනුයි. මේ රටේ උපාධි ලබා දෙන ආයතන පිහිටුවීමේ බලය ඇත්තේ රජයට පමණයි.ඒ නිසා නැහෙනහිර අරම්භ කිරිමට යන විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නවා." යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ආගම් අතර සංහිඳියාව ඇති කිරිම සඳහා රජය විසින් ආගමික සංහිඳියා මණ්ඩලයක් පිහිටු විමට යන බව ද අගමැති රනිල් වික්‍රමසිංහ තවදුරටත් පැවසිය.

"මේ සිදුවීමෙන් පස්සේ අපිට මුහුණු දෙන්න සිදුවුණා ජාතිවාදී ප්‍රශ්න ගණනාවකට. කුලියාපිටියේ සිදුවීමට සම්බන්ධ වූ පිරිස් ගැන අපි විභාග කරගෙන යනවා, ඉන්පස්සේ දළදා මාළිගාව ඉදිරිපිට තවත් විශාල සිදුවීමක් වුණා. මෙහිදී සිංහල-දමිළ අය එකතුවෙලා මුස්ලිම් අය වෙන්කිරීමක් සිදුවුණා, එම සිදුවීම ගැන බොහෝ දෙනෙක් ප්‍රකාශ කර තිබුණා, කෙසේ වෙතත් අපි ක්‍රියා කරන්නේ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ලබාදෙන උපදෙස් අනුවයි. මම ඒ ගැන වැඩිදුරටත් සංඝායා වහන්සේලා සමගත් අන්‍යාගමික පූජකවරුත් සමගත් කථාකරලා තියනවා. ඒ අය යෝජනා කරන්නේ ආගමික සංහිඳියාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ස්වාධීන මණ්ඩලයක් ඇති කළ යුතුයි කියලා. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරමින් සිටිනවා, අද හැන්දැවෙත් ඒ වෙනුවෙන් කටයුතු කරන්න නියමිතයි.

අද දේශපාලඥයින් ගැන ජනතාව කළකිරී සිටිනවා. මේ 225 දෙනාම ගෙදර යැවිය යුතු යැයි සමහරුන් කියනවා. ඒකත් මේ අවස්ථාවේ හොද නැහැ, එතකොට ඒ වෙනුවෙන් ඇති කරන්නේ කුමක්ද? ජනතාව දේශපාලඥයින් ගැන කළකිරී ඇති බව අප පළමුව පිළිගත යුතුයි. එය නැති කිරීමට අප වැඩ කළ යුතුයි. " යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවට පූජ්‍ය දඹර අමිල නාහිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය ජෙහාන් පෙරේරා, මහචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප්‍රිය, පිලිප් දිසානායක ඇතුළු සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වූහ.

{gallery}my-tok-ranil{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න