අමතක නොකළ යුතු පුවතක් : ජනක - සිසිත නීතිපති ළග !

අමතක නොකළ යුතු පුවතක් : ජනක - සිසිත නීතිපති ළග !

ශිෂ්‍ය ක්‍රියාකාරීන් වූ ජනක බණ්ඩාර ඒකනායක සහ සිසිත ප්‍රියංකර ඝාතන නඩුවට අදාළ වාර්තා, නීතිපති දෙපාර්තමේන්තුවට යවා වසරකට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

2012 සැප්තැම්බර් 27 වැනිදා ගම්පහ, ඉඹුල්ගොඩදී යතුරු පැදියක යමින් සිටි ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා ඝාතනය කෙරිණි. ඒ ජනාධිපති ආරක්ෂක අංශයට අයත් රථයකින් බවට තොරතුරු හෙළි වී තිබේ. wp PA - 9507 අංක දරන මේ යතුරු පැදිය අනතුරට ලක්වුවද, ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනාගේ මුහුණු වලට සහ ඔළුවට සිදු වී තිබූ හානියට සාපේක්ෂව යතුරු පැදියට සහ එය හැපුණු බව කී විදුලි ලාම්පු කණුවට හානි වී තිබුණේ නැත.

ගම්පහ මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ අදාළ වාහනය අනතුරට ලක් වූ ආකාරය යළිත් නිරීක්ෂණය කරන ලෙසයි. එහෙත් රජයේ විශ්ලේෂකයන් පවසා ඇත්තේ එය අනවශ්‍ය බවයි. කෙසේ වෙතත් මීට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය විශේෂන්ගවරයාද සදහන් කරඇත්තේ මෙය සාමාන්‍ය රිය අනතුරක් බවයි.

එම පරීක්ෂණ වලදී හෙල්මට් වලට සිදු වී ඇති හානි වලට සාපේක්ෂව ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ මුහුණු වලට සහ හිසට සිදු වූ හානිය සම්බන්ධයෙන් පවා අවධානය යොමු කර නැති බව ජ්‍යේෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති.

මීට මාස තුනකට පෙර පැවති නඩු වාරයේදීද නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් පවසා ඇත්තේ මෙම නඩුව අධ්‍යයනය සදහා තවත් කාලය අවශ්‍ය බවයි. මේ නඩුවට නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ජ්‍යේෂ්ඨ නීතිවේදියෙක් මීට පෙර පැමිණියද, පසුගිය නඩු වාර දෙකේදී එය පවා අත් හැර දමා තිබේ.

මේ තත්වය යටතේ අදාළ නඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතු වන බව නීතිවේදීහු අවධාරණය කරති.

ශාලික විමලසේන
(ලංකා ඉරිදා සංග්‍රහය )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න