ජනාධිපති දැනුවත්ව රට අරාජික කරනවා : සමාජය නිහඬ ඇයි ?

ජනාධිපති දැනුවත්ව රට අරාජික කරනවා : සමාජය නිහඬ ඇයි ?

ජනාධිපති සිරිසේන දැනුවත්වම රට අරාජික කරමින් සිටින බවත් ඊට එරෙහිව දැඩි විරෝධයක් සමාජීය වශයෙන් ඇති නොවීම බරපතල ගැටලුවක් බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

මේ බව සදහන් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ විධායක බලතල ක්‍රියාවට නැංවීම සදහා බලයක් ජනාධිපතිට ඇතත් එකී බලය උපයෝගී කරගෙන රට අරාජික කිරීමේ අවස්ථාවක් ඔහුට හිමි නැති බවය.

එබැවින් සක්‍රීය පුරවැසි සමාජය නියෝජනය කරන සිවිල් සමාජ ක්‍රියාකාරින් ඇතුළු දේශපාලන පක්ෂ මේ වෙනුවෙන් මැදිහත් විය යුතු බවත් එසේ නොවුනහොත් රටක් ලෙස දරුණු ප්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවීම අනිවාර්ය බවත් ඔවුන් අවධාරණය කරයි.

එසේම මෙය සමස්ථ ජනතාවගේම මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පවා අවස්ථාව තිබෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.

kiriella 1000px 21 02 19

ජනාධිපති කරන්නේ නීති විරෝධී වැඩක් - කිරිඇල්ල

 මේ අතර ජනාධිපති සිරිසේන විසින් කැබිනට් රැස්වීම් නොපවත්වා සිටීම නීතිවිරෝධී බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරයි.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විධායකය වෙනුවෙන් පාර්ලිමේන්තුවට වග කියන්නේ කැබිනට් මණ්ඩලය බවයි.

ජනාධිපතිවරයාද ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට හා එය අනුගමනය කිරීමට බැඳී සිටින බවද පවසන ඇමතිවරයා තවදුරටත් කැබිනට් මණ්ඩලය නොපවත්වා සිටියහොත් ආණ්ඩුවේ කටයුතු ගැන පාර්ලිමේන්තුවට පිළිතුරු සැපයීමට නොහැකි වන නිසා මේ සම්බන්ධයෙන් පියවරක් ගත යුතුව ඇති බවද පවසයි.

මේ අතර වාර්තා වන්නේ ජනාධිපති වරයාගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කල හැකිය යන්න පිලිබදව එක්සත් ජාතික පක්ෂයේ යම් සාකච්ඡාවක් ඇතිව තිබෙන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න