විධායක අත්තනෝමතිකත්වය නොතකයි : තේරීම් කාරක සභාව හෙටත් රැස්වෙයි

විධායක අත්තනෝමතිකත්වය නොතකයි : තේරීම් කාරක සභාව හෙටත් රැස්වෙයි

විධායක ජනාධිපතිගේ අත්තනෝමතික හැසිරීම හමුවේ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල ආරක්ෂා කරගෙන අඛණ්ඩව රැස්වීම සදහා පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති සිරිසේන ඉතා නරක ආකාරයට ඊට බාධා කරන බවත් ඒ හමුවේ අක්‍රීය වීම නරක පූර්වාදර්ශයක් බවත් එම කමිටුවේ ස්ථාවරය වී ඇති බවත් වාර්තා වෙයි.

ඒ අනූව තීන්දුව වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු හෙට (13) දිනයේ ද සුපුරුදු පරිදි ක්‍රියාත්මක කිරීමටය.

ඒ අනූව හෙට දිනයේ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා පෙනී සිටීමට නියමිතව ඇති බව එම කමිටුවේ ආරංචි මාර්ග සදහන් කරයි.

ඊයේ (11) දින විශේෂ කාරක සභාව හමුවේ, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සහ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්. රිස්වි මව්ලවිතුමා සාක්ෂි ලබාදී තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න