කැබිනට් පත්‍රිකා 107ක් සම්මත කර ගැනීමට තියෙද්දිත් ජනාධිපතිවරයා සිය වගකීම පැහැර හරිමින් මේ රට අකර්මණ්‍ය කරමින් දැවැන්ත අර්බුදයක් කරා මේ රට ගෙනයමින් තිබෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක චෝදනා කරයි.
ජාතික හෙළ උරුමය පක්ෂය විසින් අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවක අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ චෝදනා කර සිටියි.
තේරීම් කාරක සභාවක් නිසා මේ රට මෙසේ රාජ්‍ය නායකයාට අකර්මණ්‍ය කරන්න දිය නොහැකි බවත් ජාතික ආරක්ෂාවට තේරීම් කාරක සභාව හරහා යම් බලපෑම් සිදුව ඇති නම් ඒ පිළිබද වහා කටයුතු කළ යුතු අතර එය එසේ වී නමුත් කිසිලෙසකින්වත් රාජ්‍ය යාන්ත්‍රණය රාජ්‍ය නායකයාට අඩපණ කරන්න දිය නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"මේ රට අද රාජාණ්ඩුවක් නෙවෙයි. දේවවරමින් පාලනය වන්නක් ද නොවේ. ජනතාවාදී ජනතාවගේ පාලනයක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්. එහිදී පාලනය වන්නේ හා කරන්නේ කෙසේ ද යන්න සදහන් ලියවිල්ලක් තියෙනවා ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එකී ලියවිල්ල යලිත් ජනාධිපතිවරයා විසින් චේතනාන්විතව උල්ලංඝනය කරමින් තියෙනවා. පසුගිය ඔක්තෝම්බර් සිදුවීමෙන් රටට මිල කළ නොහැකි පාඩුවක් සිදුවණා. මෙම අත්තනෝමතික ක්‍රියාවෙනුත් අඩපණ වන්නේ කඩා වැටෙන්නේ මේ රාජ්‍යයි.
ඒ නිසා ජනාධිපතිවරයාට අපි කියනවා නැවැත ඔක්තෝම්බර් 26ක් කැදවගන්න එපා. යළි මේ රට ජාතිකවත් ජාත්‍යයන්තරවත් මේ රට අපහසුතාවයට පත් කරන්න එපා කියලා"

