අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ යුරෝපා සංගමය නියෝජනය කරන තානාපතිවරුන්ගේ හමුවක් ඊයේ (12) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාව හමුවේ ඇති ත්‍රස්ත තර්ජනය සහ ම්ලේච්ඡ අන්තවාදය මැඩපැවැත්වීම වෙනුවෙන් සිය සහාය පළකළ එම තානාපතිවරුන් ශ්‍රී ලාංකේය ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත ඒ සඳහා අරමුදල් ලබාදීමට කටයුතු කරන බව පවසා ඇත.
මේ අතර නොබෝදා මාධ්‍යවල පළවූ වෛරී ප්‍රකාශයන් පිළිබඳව සඳහන් කළ ඔවුහු එවන් මාධ්‍ය වාර්තා මගින් තත්ත්වය තවත් උග්‍ර අතට පත්වන බව ප්‍රකාශ කර සිටියහ.
අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කළ තානාපතිවරු, එම අමාත්‍යවරුන් ඉතා ඉක්මනින් නැවතත් ආණ්ඩුව හා එක්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
මේ අතර යුරෝපා සංගමය නියෝජනය කරන තානාපති කාර්‍යාල ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.


