මුස්ලීම් නායකයන් "තානාපති හමුව" අවලංගු කරයි !

මුස්ලීම් නායකයන් "තානාපති හමුව" අවලංගු කරයි !

පාර්ලිමේන්තුව නියෝජනයක කරන මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් ඊයේ (13) පස්වරුවේ විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකු හමුවීමට නියමිතව සිටියද ඒ හමුව අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

ඒ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයින්ට වන හිරිහැර සම්බන්ධයෙන් විදෙස් තානාපතිවරුන් හමුවේ කරුණු දැක්වීමක් මේ අවස්ථාවේ සිදු නොකර ''අපේ ප්‍රශ්න අපිම විසඳා ගැනීම'' වඩාත් යහපත්විය හැකි බවට මුස්ලිම් දේශපාලන නායකයින් ගනු ලැබූ තීරණයකට අනුවය.

ඉන්දීය මහ කොමසාරිස් හා ඇමරිකානු හා රුසියානු තානාපතිවරුන් එසේ හමුවීමට කටයුතු යොදාගෙන තිබිණ.

තවද මුස්ලීම් නායකයන් බෞද්ධ මහ නායකයින් වහන්සේලා දෙනම බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේලා වෙතින් ලැබුන සුහඳශීලි පිළිගැනීම මෙහිදී විශේෂයෙන් අවධානයට ලක්ව ඇත.

මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම අද දිනයේ කොළඹින් බැහැර සිටීම ද මෙහිදී සැලකිල්ලට ගනිමින් විදෙස් තානාපති හමුව කල් දැමීමට එහිදී යෝජනාවී ඇති අතර පසුව අදාල තානාපති කාර්යාලවලට එබව දැනුම් දිතිබේ.

මුස්ලිම් දේශපාලන නායකයින් මල්වතු -අස්ගිරි මහ නායකයින් බැහැදුටු අවස්ථාවේදී, බුල්කාව වැනි මුස්ලිම් ඇඳුම් පැළදුම් මෙන්ම රටේ ආරක්ෂාවට හානිකර වියහැකි යයි අදහස් කෙරෙන නීති රීති සංශෝධනය කිරීමට එකඟත්වය පළකර තිබිණ.

එසේම, මුස්ලිම් ජාතිකයින්ට වන හිරිහැර සම්බන්ධයෙන් බලවත් කනස්සල්ල පළකර තිබු මහ නායකයින් වහන්සේලා, මින් ඉදිරියට එවැනි තත්වයක් ඇතිනොවීම වගබලා ගන්නා ලෙස ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ඇතුළු සියලු දේශපාලන පක්ෂ නායකයින්ට තරයේ අවවාද අනුසාසනා කරන බවද වදාරා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න