තවත් මන්ත්‍රීවරයෙක් පොහොට්ටුවේ ගතිය පෙන්වයි !

තවත් මන්ත්‍රීවරයෙක් පොහොට්ටුවේ ගතිය පෙන්වයි !

සිවිල් ආරක්ෂක භටයෙකුට පහර දුන් බව කියන පුත්තලම ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරයෙකුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 18 වැනිදා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම පහර දීම සිදුවී ඇත.

පහර කෑමට ලක්වූ බව කියන කරුවලගස්වැව – පහරිය ජනපදයේ පදිංචිකරුවෙකු වන ගීකියනගේ කිත්සිරි ද සිල්වා යන සිවිල් ආරක්ෂක භටයා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පහර කෑමට ලක්ව ඇති සිවිල් ආරක්ෂක භටයා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව අසල ආරක්ෂක රාජකාරියේ නිරතව සිට ඇත.එම අවස්ථාවේ කිසියම් කටයුත්තක් සදහා පුත්තලම ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රී මුදිත ගමගේ යන අය පැමිණ ඇත. ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාව පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව පහර දීම සිදු වී ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.

සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

මේ අතර පසුගියදා මිහින්තලේ පුදබිමේදී තරුණයින් පිරිසකට පොලු වලන් පහරදීම සම්බන්ධවද පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න